නිමලරාජන් ඝාතන නඩුව අවසන්… නීතිපති උපදෙස් පිට සැකකරුවන් නිදහස්…

දිනසේන රතුගමගේ –

යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම්  ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඊ.පී.ඩී.පී.සාමාජිකයින් 6 දෙනෙකු යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් 5 දා නිදහස් කොට තිබේ.

2000 වසරේ ඔක්තෝබර් මස 19 වෙනි දින රාත්‍රී 10 ට පමණ යාපනයේ කොලුම්පුතුරේ පාරේ පිහිටි නිවසට ඇතුළු වූ පිරිසක් මාධ්‍යවේදියාට  වෙඩිතබා ඝාතනය කොට නිවසටද බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම 11 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගෙන් ඉතිරි පිරිස නිදහස් වීමෙන් පසුව  6 දෙනෙකු ඉතිරි විය.ඔවුන් ඊ.පී.ඩී.පී.සාමාජිකයින් බවට හඳුනාගෙන  තිබූ අතර ඔවුන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා නඩුව වසර  විස්සක් පමණ විභාග වෙමින් පැවති අතර නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකරුවන් නිදහස් කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගය අවසන් වී තිබේ.

Exit mobile version