නිපුන, අරලිය, ලත්පඳුර, හිරු, නිවු රත්න, සහ සූරිය  මෝල් හිමියන්ගේ සහල් තොග ජනපති අණින් රජයට පවරා ගනී

කීර්ති ප්‍රනාන්දු –

පොලොන්නරුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් වන නිපුන, අරලිය, ලත්පඳුර, හිරු, නිවු රත්න, සහ සූරිය හාල් මෝල් සතුව පැවති  සහල් තොග ජනපති නියමයෙන් රජයට පවරා ගැනීම අද ( 08) සිදු කළ බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කළේය.

මෙම සහල් තොග පවරා ගැනීම අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් මේජර් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල,  සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදු වී ඇත.

මෙම මහා පරිමාණ සහල් හිමියන් සතුව පැවති වෙළෙඳපල වෙත නිකුත් නොකළ සහල් තොග රජයේ පාලන මිලට පවරා ගැනීමත් සමග සතොස වෙලෙඳසල්  වෙත ප්‍රවාහනය කිරීම අරඹා ඇත.


නිවු රත්න සහල් මෝල සතු තොග පවරා ගැනීමේ දී එහි හිමිකාරිත්වය විසින් සැලසුම් සහගත විරෝධයක් ඇති කර රාජකාරියට  බාධා කළ බව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්  කාර්යාලය පවසයි.සහල්මෝල් හිමියන් සහ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම සහල් මෝල් හිමියන් සමග කළ සාකච්ඡාවලින් පසු  එම එකඟතා අනුව කටයුතු නොකිරීම නිසා මෙම තීන්දුව ගත් බව එම කාර්යාලය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව ඔවුන් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.

Exit mobile version