නිධන් ගොඩගන්න ලක්ෂ 12ක් වංචා කළ කපුවයි ගෝලයයි පොලීසියෙන් හොයයි

ලලිත් චාමින්ද

නිධානයක් හැරිම සදහා රුපියල් 12,50,000ක මුදලක් වංචාකළ කපුවෙකු හා ගොලයකු අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශනයක් ආරම්භ කොට ඇති බැව් පිටිගල පොලිසිය පවසයි.

ඉදිපළේගොඩ ප්‍රදේශයේ දොළමාර්ගයක නිධානයක් ඇති බව පවසමින් එම ප්‍රදේශයේ තරුණයින් 04 දෙනෙකු විසින් මෙම කපුවා ගෙන්වා ඔහුට නිධානය ලබාගැනිමට භාරදි ඇති බව පොලිසිය පවසයි.


කපුවා නුවර ප්‍රදේශයේ පදිංචි අයෙකු බව පැවසෙන අතර ඉදපළේගොඩ ප්‍රදේශයේ තරුණයකු විසින් මෙකි කපුවා සම්බන්ද කර දි ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත.

මිට සති දෙකකට පමණ ඉහතදි කපුවා හා ගොලයකු ඉදපළේගොඩ ප්‍රදේශයට පැමිණ දොළ මාර්ගයේ තිබෙන බව කියන නිධානය ලබාගැනිමට කටයුතු කරඇත. කපුවාට ඒ වෙනුවෙන් තරුණයින් සිව් දෙනා එකතු වි රුපියල් 12,50,000ක මුදලක් එකතුකොට ලබා දි ඇත. ඉන්පසු කපුවා දොළයට කිමිදි වි්‍යජ මැණික් කැට 04ක් බුදු පිළිමයක් හා සෙම්බුවක් මොවුන්ට ලබා දි ඇත.

පසුව මෙකි මැණික් ගල් 04 රැගෙන මෙම තරුණයින් සිව්දෙනා එවා විකිණිමට ගොස් ඇත. එහදි මෙකි මැණික් ගල් වි්‍යාජ එවා බවට අනාවරණය වි ඇත. දින කිහිපයකට පමණ පසු මින් එක් තරුණයකු හදිසියේ ඇතිවු හෘදයාබාධයක් නිසා මියගොස් ඇති බැව් පොලිසිය පවසයි.

එම තරුණයාගේ මව විසින් මුදල් වංචාව පිළිබද පිටිගල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරමභකොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිටිගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මහේෂ් කරුණාරත්න, පො ප සෙනෙවිරත්න යන නිලධාරින් ඇතුළු කණ්ඩායමක් විසින් මේ පිළිබද පරික්ෂණ පවත්වයි.

Exit mobile version