නිදහස් දිනය දා උතුරු නැගෙනහිර කළු කොඩි තහනම්…

පොලිසිය අධිකරණ නියෝගයක් ගනී...

දිනසේන රතුගමගේ –

ජාතික නිදහස් දිනය සැමරෙන පෙබරවාරි 4 වෙනිදා වවුනියාව අධිකරණ බල ප්‍රදේශය තුළ කිසිදු විරෝධතාවයක්  පැවැත්වීමට අවසර නොමැති බවට වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය විසින්  2 දා වාරණ නියෝගයක් පනවා තිබේ.

දෙමළ ජාතික සන්ධානය හා යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගමය විසින්  වවුනියාවේදී විරෝධතා කීපයක් සංවිධානය කිරීමට  සූදානමින් සිටි අතර පොලීසියට ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු වලට අනුව ප්‍රදේශයේ නීතිය හා සාමය පවත්වා ගෙන යාමේ අරමුණින් පොලීසිය විසින් වවුනියාව අධිකරණයෙන් මෙම වාරණ නියෝගය ලබා ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය හා  තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක්ම  ජාතික නිදහස් දිනය යෙදී ඇති දිනය ශෝක දිනයක් ලෙස සලකා කලු කොඩි දමන ලෙසත් විරෝධතා පවත්වන ලෙසත් උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ගෙන් ඉල්ලා තිබේ.


Exit mobile version