නිදහස් චතුරශ්‍රයේ මරණය ගැටලු සහගතයි… පොලිසිය පුළුල් විමර්ශනයක

කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ ඇති උද්‍යාන කොටසේ හිසට වෙඩි වැදී මිය ගොස් සිටිය දී අද (12) උදෑසන සොයාගත් හැට පස් වියැති පුද්ගලයාගේ මරණය  සිය දිවි හානිකර ගැනීමක් බව බැලූ බැල්මට සහ ලැබෙන සාක්ෂිවලින් පෙනෙන්නට තිබුණ ද එම මරණය සම්බන්ධව සැක උපදවන සිද්ධීන් ගණනාවක් මතු වන බව පොලිස් ආරංචි මාර්ග කියයි.

වෙඩි වැදුණු ගිනි අවිය සිරරට යට වී තිබී පොලිසිය විසින් සොයා ගෙන ඇත.

බම්බලපිටියේ පදිංචි මිය ගිය පුද්ගලයාගේ බිරිය හා දරුවා විදේශගතව ජීවත්වෙමින් ඇත. ඔහු බණ භාවනා කරමින් ආගමානුකූළ දිවියක් ගතරමින් ඉඳ ඇත.  ඊයේ (11) මෙම පුද්ගලයා බීෆ් කේසයක්ද රැගෙන සිය සහෝදරයාගේ බම්බලපිටියේ නිවසට ගොස් ඇති බව සදහන්ය. ඔහු බ්‍රීෆ් කේසය නිවසේ තබා සවස නිවසින් පිටව ගොස් ඇත්තේ කිසිවක් සිය සහෝදරයාට නොපවසාය.


රාත්‍රී කාලයේ දී සහෝදරයාගේ ජංගම දුරකතනයට ඔහු කෙටි පණිවිඩයක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ බ්‍රීෆ් කේසය විවෘතකර එහි ඇති ලිපිය බලන ලෙසය. එය විවර කරන රහස් අංකය ද ඔහු එම කෙටි පණිවිඩය ඔස්සේ සිය සහෝදරයා අතට පත්කර තිබී ඇත.

සහෝදරයා බ්‍රීෆ් කේසය විවරකර පරීක්ෂාකර බලා ඇත. එහි තිබුණු ලිපිය කියවා බලන විට පැහැදිලි වී ඇත්තේ කොන්දේ අමාරුවක් හේතුවෙන් ඔහු දීර්ඝ කාලයක් තිස්සේ පීඩා විඳින බවය. ඒ සඳහා ප්‍රතිකාර ගත්ත ද පලක් වී නැති බව ද එහි සදහන්කර ඇති බව කියැවේ. තමා ජීවිතයට අනතුරක් කර ගන්නා බවට ඉඟියක්ද  එම ලිපියේ සටහන්  කර ඇතැයි කියැවේ.

ඒ සමගම සහෝදරයා එම පුද්ගලයාව සොයා ඔහු යන එන තැන් පිරිස්සා ඇතත් සොයා ගැනීමට නොහැකි වූ තැන බම්බලපිටිය පොලිස් ස්ථානයට ගොස් රාත්‍රියේම  පැමිණිල්ලක් ද කර තිබේ.

සිය දිවි හානි කරගැනීමක් ගැන ඍජු සඳහනක් නොමැති වීම නිසාත්, බණ භාවනා කරමින් සිටි මෙම පුද්ගලයාට සිය දිවි හානිකර ගැනීමට ගිනි අවියක් ලැබුනේ කෙසේද යන්න ගැටලුවක් නිසාත්  මේ සම්බන්ධව දීර්ඝ පරීක්ෂණයක් කරන බව පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සියදිවි හානිකර ගන්නන් තමන් සිය දිවි හානිකරගත් ක්‍රමවේදය ගැන විශ්ලේෂණයේදී ඒ අය වැඩි දෙනෙක් සිය දිවි හානිකර ගැනීමට යොමු වන්නේ  ඔවුන්ට ඒ මානසික තත්වය තුළ පහසුවෙන් සොයා ගැනීමට   ඇති ක්‍රමයක් බවත්  මෙම පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයන් හෝ ගිනි අවි භාවිතා කරන පුද්ගලයෙක් බව මෙතෙක් අනාවරණය වී නැති බවත්, එසේ තිබියදී  ගිනි අවි භාවිතයකින් සිය දිවි හානි කරගත් බව පෙනීම ගැටළු සහගත වන බවත් එම විමර්ශන නිලධාරීහු සදහන් කරති.

Exit mobile version