නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…

ලලිත් චාමින්ද –

 ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ  ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගය පවත්වන අතරවාරයේ   ගාල්ල නීතිඥ සංගමයේ සාමාජිකයින් පිරිසක් විසින් අද ගාල්ල කොටු බැම්ම මත සිදු කිරීමට ගිය සාමකාමී විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය අවහිරි කිරීමත් සමග ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

පොලිසිය නීතිය නවන්න ගියේ නීතිඥයින්ටය. ගාලු කොටුවට ඇතුළු වන ප්‍රධාන මාර්ග යකඩ බාධක යොදා වසා දමා තිබිණි. නීතිඥයින් පිරිසට ගාලු කොටුවට ප්‍රවේශවීම වළක්වා තිබිණි.

මග අහුරා මාර්ග බාධක දමා ඇත්තේ ආක්ෂක විධිවිධාන මත බව පොලිසිය කීවේය. ගැටුම් පාලනයට බවත් කීවේය. නීතිඥවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරනු විනා පොලිස් ලොක්කෙකුට අවශ්‍ය පරිදි නීති හැදීමට නොහැකි බව පැවසුවේය. ඔවුන් කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහජනතාවගේ භාෂණයේ නිදහස් සහ සංචරණය කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට පොලිසිය නීතියෙන් බැඳී ඇති බවය.

&;


පොලිස් නිලධාරීන්ගේ යට ඇඳුම හැරෙන්නට අනෙක් නිල ඇඳුම් සහ සියලු පහසුකම් ලබා දෙනුයේ මහජනතාවගේ බදු මුදලින් බවත් පොලිසියේ මූලික රාජකාරිය විය යුත්තේ මහජනතාව ආරක්ෂා කිරීම මිසක් පවතින රජය හෝ රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීම නොවන බවත් නීතිඥවරු  පෙන්වා දුන්හ. අධිකරණ නියෝගයක් තිබේදැයි විමසූ විට පොලිසිය නිරුත්තර විය. ඉහලින් ලැබුණු නියෝගයකයට අනුව මෙය ක්‍රියාත්මක කළ බව මෙහිදි පොලිසියේ නිලධාරිහු කිහි. පැමිණි සිටි නීතිඥ පිරිස පොලිසියේ රෙදි ගැලෙව්වේය. ,   ගැටුම මැද    ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේලියානු කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගය නිමා විය.

 

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විරෝධතාකරුවන් එම ස්ථානයෙන් පිටත්ව ගියේ මාර්ග බාධක යොදා මාර්ග වසා දමමින් කොටු බැම්ම ආරක්ෂා කර ගන්නා ලෙස පොලිස් නිල නිලධාරීන්ට දන්වා සිටිමිනි.

 

Exit mobile version