නැව ගිනිගැනීම හේතුවෙන් මාලු ආහාරයට බිය විය යුතු නෑ ! නාරා ආයතනය කියයි

express pearl

කොළඹ වරාය ආහ්‍රිත මුහුදේ දී ගිනි ගනිමින් පවතින නෞකාවෙන් පිටවන ද්‍රව්‍ය මුහුදට මිශ්‍ර වීමේ තත්ත්වයක් නිරීක්ෂණය කළද පසුගිය දින කිහිපය තුළ පැවැති අයහපත් කාලගුණය සහ ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස සිදු කළ දැනුම් දීම් හේතුවෙන් අදාළ අවදානම් කලාපයේ ධීවර කර්මාන්තය සිදු නොවුණු බැවින් මාලු ආහාරයට ගැනීම සම්බන්ධයෙන් අවදානමක් නොමැති බවත් ජාතික ජලජ සම්පත් නියෝජිතායතනයේ (නාරා ආයතනයේ) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා පවසයි.

කෙසේ වුවද මෙම නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍ර පරිසරයට සිදුව ඇති බලපෑම පිළිබඳව නිසි හැදෑරීමක් සඳහා හෙට දිනයේ සිට විශේෂඥ කණ්ඩාවයමක් තම අධ්‍යයනය කටයුතු ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේය. මුහුදු තීරයට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් නිශ්චිත අධ්‍යයනයක් සිදු කරන තෙක් එම ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා ඉඩ ලබා නොදෙනු ඇති බවද සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ අධ්‍යයනයට සහභාගී වන විශේෂඥයන් විසින් දෙනු ලබන තොරතුරු මත එම ඒ පිළිබඳව තිරණක් ගත හැකි බව ද පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දිනයේ සිට මෙම අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සූදානම්ව තිබුණද පැවැති දැඩි අයහපත් කාලගුනය හේතුවෙන් එම කටයුතු කල් දැමීමට සිදුවූ බවට අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා පැවසීය.


Exit mobile version