නැවේ ගැඹුරු තෙල් පැල්ලම ස්ථිරයි…. චන්ද්‍රිකා ඡායාරූප නිවැරදියි… අදාල අංශවල සේවකයන්ගේ කට වසයි…


නැවේ තෙල් කාන්දුව ස්ථිරවම සිදුවෙමින් ඇති බව මේ සම්බන්ධව නිරීක්ෂණය කළ අංශ ඇසින් දුටු සාක්ෂි සහිතව ස්ථිර කරයි.

මේ වනවිට නැව අවට මීටර පනහක් පමණ අරයකින් යුතු ගැඹුරු ගෙල් පැල්ලමක් ඇති වී එය මේ වනවිට කලෝ මීටර දෙකක් පමණ ගොඩබිම දෙසට ඇදෙන බවත්, චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්වන තොරතුරු නිවැරදි බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

x-press-perl
නැවේ තෙල් පැල්ලම අහසට නිරීක්ෂණයවන අයුරු

මේ සම්බන්ධව කටයුතු කරන සමුද්‍රීය පරිසර අධිකාරිය, ඇතුළු සියලුම ආයතනවල රාජ්‍ය නිලධාරීන්ගේ කටවල් වසා ඇති අතර ඔවුන් කිසිවෙකුට මේ තෙල් කාන්දුවේ සත්‍ය තත්වය පිළිබඳ කතා කිරීම, ප්‍රකාශ නිකුත් කිරීම හෝ මාධ්‍යයට තොරතුරු ලබා දීම තහනම් කර ඇත.

මේ සිදුවෙමින් ඇත්තේ කුමක් දැයි තමන්ට නොවැටහෙන බවත්, මෙවැනි තෙල් පැල්ලමක් සඟවා තබන්නට හැකි යැයි ආණ්ඩුව කල්පනා කිරීම පවා මොනතරම් ළාමක විහිලුවක් දැයි නොතේරෙන මේ සම්බන්ධව ලංකාසරට අදහස් දැක්වූ ප්‍රමාණික විද්වත්හු කිහිප දෙනෙක් පැවසූහ. 

ගිලෙමින් ඇති නැව

ව්‍යසනය සැඟවීමට ගන්නා උත්සාහ පසෙක ලා තෙල් පැල්ලම ව්‍යාප්ත වීමට නොදී පාලනය කරගැනීමට කටයුතු කිරීම රටක් ලෙස කළ යුතු බව පෙන්වා දෙන ඔවුහු මේ මට්ටමේ දී එය පහසුවෙන් කළ හැකි බව පැවසූහ.
මෙම තෙල් පැල්ලමට හේතුව නැවේ තෙල් කාන්දුවක්ද එසේ නැතිනම් එහි ප්‍රවාහනය කළ දැවන්ත ලිහිසි තෙල් නිෂ්පාදන මුහුදු ජලයට මුසු වීමක්ද යන්න පිළිබඳව බලධාරීන් නිශ්චිතව ප්‍රකාශයක් නොකළ අතර මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට අප රරජයේ වගකිව යුතු නිලධාරීන් කිහිප දෙනකුටම කතා කිරීමට උත්සාහ කළද ඔවුහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වූහ. 
මේ අනුව පිළිබඳ අප සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර, ජාතික ජලජ සම්පත් නියෝජිත ආයතනයේ ( NARA) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සම්බන්ධ කරගැනීමට ලංකාසර දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේය. ඔවුන් කිසිවෙක් දුරකථනයට ආමන්ත්‍රණය කළේ නැත.


 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාලක ගොඩහේවා ඊයේ නිකුත් කළ ට්විටර් පණිවිඩය…

Exit mobile version