නැවත වන වගාව පැහැර හැරිය බදියුදීන්ට අභියාචනාධිකරණය නොතීසි නිකුත් කරයි!

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නඩුවට අදාළව අභියාචනාධිකරණය ලබාදුන් නියෝගවලට අනුකූලව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව අද (06)  අභියාචනාධිකරණය නොතීසි නිකුත් කළේය.

2020 නොවැම්බර් 16 වැනි දින අභියාචනාධිකරණය සිය තීන්දුවේ දී, වන ආඥා පනතේ විධිවිධානවලට අනුකූලව  .  අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා භාවිතා කරන රක්ෂිත වනාන්තර ප්‍රදේශයට සමාන ඕනෑම ප්‍රදේශයක  රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංරක්‍ෂක ජනරාල්වරයාට නියෝග කරමින් මැන්ඩමස් ස්වභාවයෙන් නියෝගයක් නිකුත්  කළේය.

මෙම ප්‍රදේශවල රුක් රෝපණ වැඩසටහනේ සම්පූර්ණ පිරිවැය දැරිය යුතු බවට අභියාචනාධිකරණය වැඩිදුරටත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට  නියෝග කළේ   පරිසර දූෂකයා විසින් වන්දි ගෙවිය යුතු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  105(3) වගන්තිය යටතේ     අධිකරණයට බරපතල අපහාස කිරීමේ චෝදනාවකට  යටත් විය යුතු  අභියාචනාධිකරණ නියෝග හිතාමතා කඩකිරීම  සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් අභියාචනාධිකරණයට ගොනු කර තිබිණි.


මෙම අධිකරණයට අපහාස කිරීමේ පෙත්සම පිළිබඳව අභියාචනාධිකරණ විනිසුරු (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර්, රිෂාඩ් බදියුදීන්ට නොතීසි නිකුත් කළ අතර, ජුනි 28 වැනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිටිමට නියෝග කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.

Exit mobile version