නැගෙනහිර මුස්ලිම් කණ්ඩායම් කොටින්ගෙන් බේරීමට ගත් ආයුධ අන්තවාදයට සහ කොල්ලකෑමට භාවිත කරලා

නැගෙනහිර හිටපු ඩී.අයි.ජී පාස්කු කොමිසමේ දී කියයි

නැගෙනහිර පළාතේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් කොටි ත්‍රස්තවාදය පැවති සමයේදී ඔවුන් සමඟ ගැටීමට බව පවසමින් අවි ආයුධවලින් සන්නධ වූ බවත් පසුව මෙම කණ්ඩායම් මුස්ලිම් අන්තවාදය ප්‍රචාරය කිරිමට සහ මෙම ගිනි අවි භාවිත කරමින් මංකොල්ල කෑම් ආදිය සිදු කිරීමට නැඹුරු වූ අතර එම පළාතේ ජනතාව එම්.එල් ඒ. එම් හිස්බුල්ලාගේ දේශපාලන බලය හමුවේ ඊට එරෙහිව පැමිණිලි කිරීමට බියක් දැක්වූ බව නැගෙනහිර පළාතේ හිටපු නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක මහතා ඊයේ (13) පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළේය.

එම කාලයේ රු. 35,000 ක් 45,000 ක් අතර වටිනාකමකින් යුත් රට ඉඳි ගස් ගෙනවිත් නැගෙනහිර මාර්ගවල මැද කොටස ඉවත් කළ එම ස්ථානවල සිටුවීමට මූලිකත්වය ගනු ලැබුවේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා බවද බවයි.
එමෙන්ම එම කාලය තුළ සීඝ්‍රෙයෙන් පල්ලි ඉදිවිම සහ කාන්තාවන් කළු අබාය ඇඳිම සිදුකළ බවද එඩිසන් මහතා කොමිසම හමුවේ ආනාවරණය කළේය.

එමෙන්ම තමන්ට නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන මුස්ලිම් කණ්ඩායම් 18 ක් සතුව අවි ආයුධ පවතින බවට තොරතුරු වාර්තා වු බවද එම තරුණ පිරිස් අන්තවාදි ලෙස හැසිරෙමින් නැගෙනහිර පළාතේ මංකොල්ලකෑම්, කප්පම් ගැනිම්, මිනිමැරුම් සිදුකිරිමට කටයුතු කළ බවයි සඳහන් කළේ.


මෙම ඇතැම් කණ්ඩායම්වලට හිස්බුල්ලා ඇතුළු මුස්ලිම් දේශපාලඥයන් ගණනාවකගෙන් සහය ලද බවත් වරක් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරද්දී හිස්බුල්ලා, අතාවුල්ලා, රිෂාඩ් බදූර්දීන්, අමීර් අලි යන දේශපාලකයන් මැදිහත් වී තමන් එම පළාතෙන් මාරු කිරීමට බලපෑම් කළ බවද ගුණතිලක මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.

කොමිසම ඔවුන්ගෙන් විමසා සිටියේ මුස්ලිම් අන්තවාදී කොටස් සඳහා ආයුධ ලැබුණේ කෙසේද යන්නයි?

ඊට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා සඳහන් කළේ බෂිර් සේගු දාවුද් ගෙන් ලද මුදල්වලින් කරුණා අම්මාන්ගේ කණ්ඩායම් සතුව තිබු T56 අවිආයුධ ලබාගත් බවය.

කරුණා අම්මාන් සහ පිල්ලයාන් වැනි නැගෙනහිර හිටපු එල්.ටී.ටීඊ නායකයින් තමන්ට රජයට අවි භාර දීමට ලා දී තිබූ සහන කාලයේදී අක්‍රිය ත්තත්වයේ පවතින අවි ආයුධ පමණක් භාර දී කුඩා පිස්තෝල සහ හොඳ මට්ටමේ අවි අයුද තමන් ළඟ තබා ගත් බවද ගුණතිල්ක මහතා එහ6ිදී විස්තර කළේය.

එමෙන්ම යුද්ධයෙන් පසුව නැගෙනහිර පළාත තුළ ජිහාඩ් සංවිධාන නම් සංවිධාන තුළ පිබිදිමක් ඇතිවු බවත් මොවුන් නීතිය පිළිපැදීම වෙනුවට හෙල්මට් භාවිත නොකිරිම, කණ්ඩායම් වශයෙන් පොලිසියට පහරදීම වැනි දේවල් සිදුකළ බවත් තමන් මේ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරද්දී තමන්ට ඊට අවස්ථාව හිමිනොවු බවයි.

මැතිවරණය වැනි සිදුවීම් හේතුවෙන් ආයුධ අත්අඩංගුවට ගැනීම සිදු නොකරන ලෙස හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය මහතා දන්වා සිටි අතර හිස්බුල්ලා විසින් අන්තවාදි සංවිධාන සඳහා ආයුධ ලබාදීම සිදුකළ බව සඳහන් කළ ගුණතිලක මහතා තමන් නීතිය ක්‍රියාත්මක කිරිම දැඩිකළ නිසා හිස්බුල්ලා, අමිර් අලි, අතාවුල්ලා සහ රිෂාඩ් බදියුදීන් එක්ව තමන් නැගෙනහිර පළාතෙන් ඉවත් කළ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද හිටපු ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා මේ අන්තවාදි කණ්ඩායම් බිහිවීම වැළැක්වීම සඳහා උපදෙස් ලබා දුන් අතර මේ අන්තවාදීන් සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවට තර්ජනයක් වන බවත් භයානක කොටසක් බව පැවසු බවද ඒ මහතා කොමිසම හමුවේ තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version