නැගෙනහිර බෙංගාල බොක්කේ සුළි කුණාටුවක්…

තුෂාරී කළුබෝවිල –

ගිනිකොණ දිග බෙංගාල බොක්ක, නිරිත දිග බෙංගාල බොක්ක, උතුරු ප්‍රදේශය, බටහිර හා මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වහා ඉවත්වී ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත යා යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාව වෙත අවධානම් නිවේදන නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ගොඩබිම් ප්‍රදේශවලට දැඩි බලපෑමක් නැතත් ගැඹුරු මුහුදු ප්‍රදේශවලට අවදානමක් එක් කරමින් ගිණිකොණ හා මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුවක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල අතුල කරුණානායක මහතා පැවසීය.

දැනටමත් එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ව අඩු පීඩන කලාපයක් හටගෙන ඇති අතර ඉදිරි පැය 12 තුළදී එය පීඩන අවපාතයක් ලෙසත්, එළඹෙන පැය 24 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකි බවත් ඒ මහතා කීවේ ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙසැම්බර් 04 වැනිදා වන විට එය ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ වෙරළට ළඟා වනු ඇති බව ද එයින් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශය ආශ්‍රිත ව දැඩි සුළං හා අධික වැසි ඇති වනු ඇත.

Exit mobile version