නැගෙනහිර පළාතේ මුල්ම කොවිඩ් මරණය වර්තා වෙයි….

සුසන්ත අමරබන්දු –

නැගෙනහිර පළාතේ මුල්ම කොවිඩ් මරණය අද වාර්තා විය.

මිය ගොස් තිබුණේ සමන්තුරේ 2 මුන්කිලඩි පාරේ 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

පසුගිය 9 දා රාත්‍රියේ කල්මුණේ අශ්රොෆ් රෝහලට ඇතුළත් කර ඇති මෙම පුද්ගලයා කොවිඩ් ලක්ෂණ පෙන්වීම නිසා රැපික් ඇන්ටිජන්ට් පරීක්ෂණයක් සඳහා යොමු කර තිබේ.  ඒ පරීක්ෂණයෙන් පසු කොවිඩ් ආසාදිත බව තහවුරු වූ මේ පුද්ගලයා අයි.ඩී.එච් රෝහලට පිටත් කර යවන අතර තුර දී මිය ගොස් ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නැවත සිරරු අෂ්රෝෆ් රෝහල වෙත රැගෙන විත් ඇති අතර මේ වනවිට මෘත ශරීරාගාරයේ තැන්පත්  කර තිබේ. නිරෝධායන නීති ප්‍රකාරව සිදු කරන අවසන් කටයුතු සම්බන්ධ තවමත් අවසන් තීන්දුවක් නැති බව රෝහල් ආරංචි මාර්ග කීවේය.

Exit mobile version