“නැගෙනහිර පර්යන්තය දෙනවාට විරුද්ධයි එත් ගනුදෙනුව නවත්වගන්න මට බෑ”

රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පවරා දීමට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ වුවද ඒ සම්බන්ධයෙන් තමන්ට කළ හැක්කේ පෞද්ගලික විරෝධයක් පළ කිරීම විනා එම ව්‍යාපෘතිය ඉදිරියට යාම වැළැක්වීමට තමන්ට හැකියාවක් නැති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

ඉන්දියාවේ අදානි සමාගම සමඟ හවුල් ව්‍යාපාරයට නැගෙනහිර පර්යන්තය සම්බන්ධ කිරීම පිළිබඳව විරෝධය පළකරන කණ්ඩායම් සමඟ තමන් සිට ගන්නා බවත් මෙම ව්‍යාපෘති යෝජනාවට තමන් මුල සිටම විරෝධය පළ කළ බවත් මැටි කර්මාන්ත සහ ගෘහස්ත කර්මාන්ත පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලංකාසර වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

ඔහු එහිදී තවදුරටත් සඳහන් කළේ අදානි සමාගම හෝ වෙනත් කිසිදු ආයෝජකයකු නොමැතිව ශ්‍රි ලංකාවේ අපට අපේ ආයෝජන හරහා මෙම නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කළ හැකි බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් මේ පිළිබඳව කොළඹ වරායට සම්බන්ධ වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව සමඟ කතා බහ කළ බවත් මෙම වරාය විශ්ව ආයෝජකයකු නොමැතිව සංවර්ධනය කළ හැකි බව අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී ඇති බවද පෙන්වා දෙන ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තමන්ට කළ හැක්කේ පෞද්ගලික විරෝධත්වයක් පළ කිරීම මිස එය නවතාලීමට පියවර ගත නොහැති බවත සඳහන් කළේය.

Exit mobile version