නාවික හමුදාව හා සිවිල් ජනතාව යාපනය ඉඩමකට ගැටෙති

දිනසේන රතුගමගේ

යාපනයේ මාදගල් ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් සම්බන්ධයෙන් නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් අතර 20 දා විශාල ආරවුලක් හටගත් අතර පොලීසිය හා ඉඩම් නිලධාරීන්ද ප්‍රාදේශීය සභා නිලධාරීන්ද පැමිණ එම ආරවුල සමථයකට පත්ව තිබේ.

නාවික හමුදාවේ ප්‍රයෝජනය සදහා එම ඉඩම අත්පත් කරගැනීමට යන බවට ජනතාව අතරට ගිය වැරදි ආරංචියක් නිසා ජනතාව එම පළාතට නාවික හමුදා නිලධාරීන් පිරිසක් පැමිණි අවස්ථාවේදී විරෝධය පලකොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවේදී අක්කර එකහමාරක ඉඩමේ අයිතිකරුවන් සතු ඉඩම් බලපත්‍ර රැගෙන විත් නාවික හමුදා නිලධාරීන්ට පෙන්වා ඇති අතර නාවික හමුදාව එම ඉඩම පවරා ගැනීමට අදහසක් නොමැති බව ප්‍රකාශ කිරීමෙන් පසුව තත්ත්වය සමථයකට පත්ව තිබේ.

Exit mobile version