නාවික හමුදාවත්  අලුත් කොරෝනා අවදානමක

කොවිඩිවලින් බැටකන දකුණු ඉන්දියානු ධීවරයෝ අනවසරෙයෙන් අපේ මුහුදේ

කොවිඩ් 19 වසංගතයෙන් දරුණු ලෙස බැට කෑ ශ්‍රි ලංකා නාවික හමුදාව අලුත් කොවිඩ් අවදානමකනට මුහුණ දී ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග ලංකාසර ට වාර්තා කළේය.

මේ අවදානම නිර්මාණය වී ඇත්තේ අනවසරයෙන් ශ්‍රි ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු සිදු කරන දකුණු ඉන්දියානු ධීවරයන්ගෙනි.

මේ වනවිට දරුණු ලෙස කොරෝනා වසංගතය පැතිර ඇති දකුණු ඉන්දියානු ධීවරයින්  විශාල සංඛ්‍යාවක් මෙම සීමාවට පැමිණ අනවසරයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැළෙන බව වාර්තා වන අතර උතුරේ ධීවරයින්ට මේ තත්ත්වයෙන් තම ජීවිකාවන් අහිමි වීමේ අවදානමක්ද නිර්මාණය වී තිබේ.


මෙයින් නිර්මාණය වී ඇති දැඩි පීඩනය හමුවේ උතුරේ ධිවර සංවිධාන ශ්‍රි ලංකා නාවික හමුදාවෙන් ඉල්ලා සිටින්නේ මෙම අනවසර ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්නා ලෙසය.

ඔවුන් අත්අඩංගුවට ගතහොත් ඔවුන් හරහා යලිත් නාවික හමුදා සෙබළුන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානමක් මේ වනවිට නිර්මාණය වී ඇති අතර හැතිකාක් දුරට ඔවුන් ශ්‍රි ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට පළවා හැරීම හැර එවැනි පියවරකට යාම අවදානම් බව දේශපාලන අධිකාරියේ මෙන්ම ආරක්ෂක අංශයේද ඉහළ තලයේ මතය වී ඇත.

අප්‍රියෙල් 14 වැනිදායින් පසු කාල සීමාවේ දකුණු ඉන්දීය මුහුදු ආශ්‍රිතව මත්ස්‍ය ගහණය බෝවන කාලය හෙයින් ඉන්දීය ධීවරයින්ට එම  මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම තමිල්නාඩු රජය මඟින් තහනම් කොට ඇත.

මේ තත්ත්වය නිසා එම ධීවරයින් ශ්‍රි ලංකා මුහුදු සීමාවට බහුදින යාත්‍රාවලින් පැමිණ මසුන් ඇල්ලීමට පටන් ගෙන ඇති බව උතුරේ ධීවර සංවිධාන චෝදනා කරයි.

එම සංවිධානවලට අනුව සතියකට එවැනි ට්‍රෝලර් යාත්‍රා 100ත් 125ත් ආසන්න සංඛ්‍යාවක් කයිට්ස් දූපත ආසන්න මුහුදු සීමාවට පැමිණෙති.

එවැනි තතත්වයක් තුළ තමන්ගේ ජීවිකාව දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති වට ඔවුන් මේ වනවිට ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා හරහා රජයටද පැමිණිලි කොට ඇත.

මෙම අනවසර ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට හෝ පළවා හැරීමට කටයුතු කළයුතු වන අතර තවමත් ඉන්දීය රජය සමඟ මේ ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවලටද කොරෝනා වසංගතය හරස් වී ඇති බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මෙම නීති විරොධී කටයුතු කරන ඉන්දීය ධීවරයින් අවශය මොහොතක අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සූදානමින් සිටින අතර ඔවුන්ට එම වැටලීම් සඳහා සියලුම සෞඛ්‍යාරක්ෂිත කබා ඇතුළු උපකරණද සූදානමින් තබා ඇති බව ද මෙම ආරකෂක ආංචිමාර්ග ලංකාසරට සඳහන් කළේය.

Exit mobile version