නායක ගුවන් සෙබලා ගිනි අවිය සහ පතොරොම් සොරකම් කර ඇත්තේ ලක්ෂ හතර හමාරකට විකුණන්න!

සීගිරිය ගුවන් හමුදා කඳවුරෙන් ටී 56 ගිනි අවියක්, පතොරෙම් 60ක් සහ පතොරම් ගැබ් රඳවනයක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුවන් හමුදා භටයා එම ගිනි අවිය සහ පතොරෙම් ගැබ් සොරකම් කර ඇත්තේ රුපියල් ලක්ෂ හතර හමාරක මුදලකට අලෙවි කිරීමට බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  සංවිධානාත්මක අපරාධ හා  මනුෂ්‍ය  ඝාතනය  විමර්ශන කොට්ඨාසය හෙළිකරගෙන ඇත.

ඊයේ (01) දඹුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුගේ ප්‍රකාශ අනුව දඹුල්ල රිදියගම ප්‍රදේශයේ  නිවසක සඟවා තිබිය දී සොයාගෙන තිබේ.

දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු  සීගිරි ගුවන් හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිටි  නායක ගුවන් භටයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පසුගිය වසරේ නොවැම්බර් මස 4 වනදා ගුවන් හමුදා කඳවුරේ ආරක්ෂක මුර කුටියේ රාජකාරි කර විවේකීව සිටි ගුවන් හමුදා සෙබලෙකු භාරයේ තිබූ මෙම ගිනි අවි සහ පතොරම් අස්ථානගත වී ඇති බවට සීගිරිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවය.


අනතුරුව සිද්ධිය පිළිබඳ ඉදිරි   විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මනුෂ්‍ය ඝාතන කොට්ඨාසය වෙත භාරදී ඇත.

සිද්ධියට  අධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු ද රිදීගම ප්‍රදේශයේ දී ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකාර ගුවන් හමුදා සෙබලා විසින් ගිනි අවියෙහි අංකය යන්ත්‍රයක් ආධාරයෙන් මකා දමා ඇතැයි විමර්ශන අංශ කියයි.

Exit mobile version