නායකයෙක් විදිහට හැසිරෙන්න… සමගි ජනබලවේග මන්ත්‍රීවරු සජිත්ට කියති…

විපක්ෂ සංවිධායක ධුරයට කිරිඇල්ල පත් කළේ මන්ත්‍රී කණ්ඩායමේ එකඟතාවය කඩකරලා....

සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නම් කිරීමේ දී කණ්ඩායම් සාමුහික එකඟතාවය කඩකර නායකත්වයට නුසුදුසු ලෙස    හැසිරුණු බවත් මින් ඉදිරියටත් එසේ කටයුතු කරන්නේ නම්   කණඩායම් රැස්වීම්වලට සහභාගී වී ප්‍රයෝජනයක් නැති බවත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.

ප්‍රශ්නය මතුවන්නේ නව පාර්ලිමේන්තුව රැස් වූ පසුගිය 20 දා සවස පාර්ලිමේන්තුවේ සමගි ජනබලවේග කණ්ඩායම් රැස්වීමේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා තෝරා ගැනීමට ඇති වූ සංවාදය සමග ය.

එහිදී විපක්යේ ප්‍රධාන සංවිධායක ධුරටය ගයන්ත කරුණාතිලකගේ හා ලක්ෂ්මන් කිරිඇල්ලගේ නම් යෝජනා වී තිබිණි. එහෙත් මන්ත්‍රි කණ්ඩායමේ ඒකමතික තීන්දුව වී තිබුණේ තරමක උදාසීන ස්වරූපයක් පෙන්වුවත් ගයන්ත කරුණාතිලක මේ සඳහා සුදුසු බවය.  ලක්ෂ්මන් කිරිඇල්ලට දැනට ඇති දූෂණ චෝදනා සලකා බලනවිට ඔහුව නම් කිරීම  ස්ථානෝචිත නොවන බව වැඩි දෙනෙක් කීහ.  ඒ අනුව කණ්ඩායමේ ඒකමතිකවත්වය මත ගයන්ත කරුණාතිලක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරටය පත් කෙරිනි.


එහෙත්  ඊට පැය කිහිපයකට පසු සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස තමන්ව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරටයට පත් කළ බව ප්‍රකාශ කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍යයට අදහස් දැක්වූයේය. කණ්ඩායමක සාමුහික එකඟතාවයකින් තනතුරක් පත් කළ විට එය වෙනස් වෙනවා නම් විය යුත්තේ කණ්ඩායම් රැස්වීමක දීම බව පවසන එක් මන්ත්‍රීවරයෙක් ලංකාසරට පවසා සිටියේ තමන් මේ වෙනස් වීම දැනගත්තේ මාධ්‍යයෙන් බවත් එය අසා මවිත වූ බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පත්වීම කරන්නට තමන් තීන්දු කළේ ලක්ෂ්මන් කිරිඇල්ල විසින් මැතිවරණ ව්‍යාපාරයට කළ මූල්‍ය කැපකිරීම ගැන සලකා බලා යැයි සජිත් ප්‍රේමදාස කී බවත් එය දැනගත් විගස කණ්ඩායමේ අති මහත් බහුතරයක් ඔහු වෙත ඔවුන්ගේ අප්‍රසාදය පල කළ බවත් වාර්තා වේ.

Exit mobile version