නාන්න ගොස් මාස 11කට පෙර අතුරුදහන් දරුවා පිටරටක… අම්මාගෙන් පැමිණිල්ලක්!

ලලිත් චාමින්ද –

කොග්ගල පාළම අසල මුහුදේ දිය නැමට ගොස් මීට මාස 11කට පමණ පෙර අතුරුදහන් වූ දරුවා සොයා දෙන ලෙස මවක් ඉල්ලා සිටී. ඇය කියන්නේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ බව කියන තරුණයා විදේශ රටක සිටින බවය.

“පුතාගේ බවට සැකකරන ඡයාරුපයක් මේ දිනවල  සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. ඒ මගේ පුතාම තමයි. පුතා හඳුනා ගැනිම සදහා සහාය වෙන්න…“   අතුරුදහන්වු දරුවාගේ මව වන තැඹිලි කන්කානම්ගේ සකුන්තලා රසාදරි (39)   ඉල්ලිමක් කරයි.

දරුවාගේ මව වන තැඹිලි කන්කානම්ගේ සකුන්තලා රසාදරි

මිතුරන් පිරිසක් සමග දිය නැමට ගොස්   2021. 01 .11 වැනිදින මෙසේ අතුරුදහන් වි ඇත්තේ පොතුකුමුරවත්ත, පරගොඩ,  ඉමදුව ප්‍රදේශයේ පදිංචි රනව තන්ත්‍රිගේ සාලිය රවිදු ප්‍රියංකර (19)  නැමති  තරුණයෙකි.   


අතුරුදහන්වු මෙම තරුණයා සම්බන්දව පොලිසිය මගින් විමර්ශනයක් සිදුකළ ද මේ දක්වා  ඔහු සොයාගත නොහැකිවි ඇත. ඇය හැඩු කදුළුන් යුතුව මෙසේද කිවාය.

“සමාජ මාධ්‍ය මගින්  ප්‍රචාරය වන  පුතාගේ ඡයාරුපය  සහ  පුතා අතුරුදහන්විමට පෙර ගත් ඡයාරුපවල ඉරියව් අනුව   ඒ මගේ පුතාම තමයි. මේ පිළිබඳ මා හබරාදුව පොලිසියට පැමිණිලි කළා. සමාජ මාධ්‍ය හරහා පළවන ඡයාරුපය කුමන  තැනැත්තෙකුට අයත් ගිණුමකින් මුදාහැර ඇද්ද, ඒ  අයගේ සම්පුර්ණ නම ලිපිනය, ජාතික හැදුනුම්පත් අංකය  ආදි  විස්තර ඉදිරි විමර්ශන කටයුතු සදහා ලබාදෙන ලෙස හබරාදුව පොලිසිය මගින්  අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන අංශයේ මාතර ශාඛාව  වෙත යොමුකළා.“

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන සාලිය රවිදු ප්‍රියංකරගේ යැයි සැක කරන ඡායාරූපය… වකුගඩුවක් ගලවාගෙන ඇති බවට සැක කරන ලකුණු ඡායා රූපයේ…

“මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. මා  කොග්ගල ඇගලුම් කර්මාන්තශාලවක වැඩකළා. පුතා කොළඹ නගරයේ පුද්ගලික ආයතනයක වැඩකළා. කොවිඩි වසංගතය නිසා පුතා යලි රැකියාවට ගියේ නැහැ.“  

“මෙම වර්ෂයේ ජනවාරි 11 වැනිදින මම ඇගලුම්කම්හලේ රැකියාවට ගියා. පුතා සම්මුඛ පරික්ෂණයකට යනවා කියලා කිවා. ඒ අතරේ තමයි මිතුරන් පිරිසක් සමග දිය නැමට ගොස් පුතා  අතුරුදහන් වෙලා කියලා දැන ගත්තේ. එදා ඉදලා පුතා හොයනවා.   මේ අතරේ තමයි මගේ රත්තරන් පුතාගේ ඡයාරුපයක් සමාජ මාධ්‍ය හරහා මම දැක්කේ. “

“අනේ මගේ පුතා මට හොයාගන්න උදව්කරන්න. විදේශිය රටක  පදිංචි අයකුගේ ගිණුමකින් තමයි පුතාගේ ඡයාරුපයක් සමාජ මාධ්‍ය හරහා මුදා හැරලා තියෙන්නේ. පුතා තවමත් ජිවතුන් අතර ඉන්න බවට මා විශ්වාස කරණවා.  මුහුණු පොතේ සංසරණය වන ඡයාරුපය අනුව පුතා  වෙනත් රටක ඉන්නවා. ඒ ඡයාරුපය අනුව මගේ පුතාම තමයි. පුතාගේ ඉරියව් අනුව පුතා මම හදුනා ගත්ත යැයි මෙම තරුණයාගේ මව කිවාය.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හබරාදුව පොලිසිය මගින්   මේ පිළිබද ඉදිරි විමර්ශන කටයුතු සදහා  සමාජ මාධ්‍ය වල  පලවු ඡයාරුපය හා  මෙකි තරුණයා අතුරුදහන්විමට පෙර එම ඉරියව්වෙන් සිටින ඡයාරුපයක් සමග වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන අංශයේ මාතර ශාඛාව  වෙත යොමුකොට ඇත.

 

Exit mobile version