නාගමඩුව රක්ෂිතයේ දුර්ලභ ශාඛ රැසක් කැලෑපාලුවෝ වනසති

පුත්තලම – කේ.පියංකර කළුපහන

පුත්තලම, වනතාවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ වසර ගණනාවක් ඉපැරණි දුර්ලභ ගණයේ ශාක විශාල ප්‍රමාණයක් කාර්යක්ෂම ජංගම කියත් ආධාරයෙන් කපා අවට කැලෑවක සගවා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.

අක්කර 60ට ආසන්න භූමි වපසරියකින් සමන්වූ මෙම වැව දැනට වසර 70ක් පමණ ඉපැරණිතම වැවක් බව කියයි. මෙකී වැව ආශ්‍රිතව ධිවර රැකියාවේ මෙන්ම කෘෂිකර්මාන්තයේ නියැලෙමින් විශාල පිරිසක් ආර්ථිකමය වශයෙන් ලාභ ලබන බව කියයි.


නමුත් ඉතා මෑතක සිට ප්‍රදේශයේ සංවිධානාත්මක දැව ජාවාරම් පිරිසක් විසින් සූක්ෂම ලෙස වැව් රක්ෂිතයට අනවසරෙන් ඇතුළු වී එහි පිහිටා තිබූ වසර 30ක් පමණ ඉපැරණි කොහොඹ, මගුල්කරඳ, මාදන් ඇතුළු තවත් විශාල වටිනාකමකින් යුත් ශාකයන් රැසක් කපා කොටස් කර එම රක්ෂිතයට යාබදව පිහිටා ඇති ලඳු කැලෑවක විශාල ප්‍රමාණයේ ගොඩවල් ගසා ඇති බවක් එහි ගිය අපට දැක ගන්නට සිදුවිය.

නාගමඩුව වැව් රක්ෂිතය තුළ පමණක් නොව වැවට ජලය සැපයෙන මුංගිල්ලාරු ඇළ මාර්ගය දෙපස ඉවුරු ඛාදනය වැලැක්වීම පිණීස තිබූ ගස්ද අමු අමුවේ කපා කුට්ටිකර දැවැන්ත පාරසරිකමය වශයෙන් වන සංහාරයක් සිදුකර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් මීට පෙරද අවස්ථා කිහිපයක බලපත්‍ර රහිතව නීති විරෝධි ලෙස හොර රහසේ වැව් රක්ෂිතය තුළ පිහිටා තිබූ දැවැන්ත වනස්පතීන් කාර්යක්ෂම ජංගම කියත් ආධාරයෙන් කපා විනාශයට ලක්කර ඇති අතර, දැනට එහි අවශේෂ වූ කොටස් දක්නට ලැබේ.

Exit mobile version