නළු මන්ත්‍රී උද්දිකගෙන් දියවන්නාවට බඩඉරිඟු මල්ලක්

පරිප්පු වෙනුවට බඩ ඉරිඟු කෑම සුදුසු බව පවසමින් පොදුජන පෙරමුණ පෙරමුන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා බඩ ඉරිඟු මල්ලක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් ඇතැයි භෝජනාගාරය වෙත එහි ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

එම බඩඉරිඟු මල්ල පාර්ලිමේන්තු භෝජනාගාරයට භාරදීමෙන් පසු එහි සේවකයින් විසින් එය දිවා ආහාරයට පිළියෙල කරදී තිබේ.

දේශීය ගොවියා නඟාසිටුවීම සඳහා දේශීය නිෂ්පාදනවලට මුල්තැන දිය යුතු බවත් ඒ නිසා එම ක්‍රියාවලිය ප්‍රතිපත්ති සකස් කරන ආයතනය වන පාර්ලිමේන්තුව තුළින්ම ආරම්භ කළ යුතු බවත් බඩඉරිඟු මල්ල භෝජනාගාරයට ලබාදෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට තිබේ.


අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව සමඟ එක්ව කෘෂිකර්මාන්තය සහ දේශීය ගොවිතැන නගාසිටුවීම සඳහා තමා පියවර ගෙන තිබෙන බවත් ඒ අනුව පරිප්පු වෙනුවට බඩ ඉරිඟු ආහාරයට ගැනීම වඩාත් උචිත බවත් එහිදී ප්‍රේමරත්න මන්ත්‍රීවරයා සඳහන් කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන් අනතුරුව ඊයේ දිනයේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි උදිත ප්‍රෙමරත්න මන්ත්‍රීවරයා ඔහුගේ කතාව සිදු කරමින් ප්‍රකාශ කළේ දේශීය ගොවියා ආරක්ෂා කිරීම සඳහා ගතහැකි සෑම පියවරක්ම තමන් ගන්නා බවත් ඒ අනුව දේශීය ගොවියා වෙනුවෙන් කළ යුතු එක් පියවරක් වන්නේ දැනට විශාල වශයෙන් භාවිතයට ගන්නා පරිප්පු වෙනුවට බඩඉරිඟු ආහාරයට ගැනීමට හුරු කිරීම ඉතාමත්ම වැදගත් වන බවයි.

Exit mobile version