නළු ඩබ්ලිව් ජයසිරි අන්ඳවා ලක්ෂ 12ක් හොරා කෑ කොස්ගම තරුණයා මාට්ටු

ලෝක ක්‍රිකට් කවුන්සිලය මඟින් සංවිධානය කරන ක්‍රිකට් ලෝක ශූරතාවට සමගාමීව දිනුම් අදිනු ලබන ලොතරැයියකින් අමෙරිකානු ඩොලර් 85,000ක් දිනා ඇති බව පවසා එය ලබා දීමට අවශ්‍ය ගාස්තු ලෙස පවසමින් ප්‍රවීන රංගවේදී ඩබ්ලිව් ජයසිරි මහතාගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් වංචා කළ කොස්ගම තරුණයකු අත්අඩංගුවට ගැනීමට මූල්‍ය වංචා විමර්ශණ කොට්ඨාසය සමත් වී ඇත.

පානදුරේ හිරණ පදිංචි ජයසිරි මහතාට මෙම ලොතරැයියයෙන් විශාලක් මුදල් දිනා ඇති බව සූක්ෂම ලෙස ජංගම දුරකථන මාර්ගයෙන් දැනුවත් කර ඇති මෙම තරුණයා අතරමැදියකු ලෙස එය ලබාදීමට අවශ්‍ය ගාස්තු ලෙස මෙම මුදල් ලබාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම සැකකාර තරුණයා විසින් දෙන ලද බැංකු ගිණුමකට ජයසිරි මහතා තම බැංකු ගිණුම් හතරකින් අදාළ මුදල ලබා දී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙය වංචාවක් බවට දැන ඔහු පොලිසියේ මූල්‍ය වංචා ඒකකයට පැමිණිලි කොට ‍ඇති අතර ඔවුන් එම බැංකු මුදල් බැර කළ බැංකු ගිණුම කොස්ගම අකරවිට ප්‍රදේශයේ පුද්ගලයකුගේ බව හදුනාගෙන තිබේ. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි ව තිබේ.

Exit mobile version