නව ව්‍යවස්ථා සංශෝධනය ගැන ටී.එන්.ඒ යෝජනා ප්‍රසිද්ධ නොකිරීමට  තීන්දුවක්..

දිනසේන රතුගමගේ –

නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාවලිය  ප්‍රසිද්ධ නොකිරීමට  දෙමළ ජාතික සන්ධානය ඊයේ (19 ) කොළඹදී පවත්වන ලද එම පක්ෂයේ පාර්ලිමේන්තු  කමිටු රැස්වීමේදී තීරණය කොට තිබේ.

මෙහි දී අදහස් දක්වන ලද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්   ප්‍රකාශ කොට ඇත්තේ දෙමළ දේශපාලන පක්ෂ එකතු වී ව්‍යවස්ථා සංශෝධනය සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීම කාලෝචිත බවය.

නමුත් ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂය විසින් මේ වන විට නව ව්‍යවස්ථාව සදහා ඔවුන්ගේ පක්ෂයේ යෝජනා කෙටුම්පත් කොට අවසන් හෙයින් ඒවා රජය වෙත බාර දීමට සූදානම් අතර තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂයේ නායක  සී.වී.විග්නේස්වරන්ගේ ප්‍රධානත්වයෙන් ඔවුන් එම  පක්ෂයේ යෝජනා සකස් කරන බැවින් දෙමළ ජාතික සන්ධානයේ යෝජනාවලිය හෙළි නොකිරීම වඩා වැදගත් බව පාර්ලිමේන්තු කමිටු රැස්වීමේදී තීරණය කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය  නව ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ඒ ඒ පක්ෂ වල යෝජනා ඉදිරිපත් කරන ලෙස කළ දැණුම් දීමකට අනුව දෙමළ දේශපාලන පක්ෂ ද ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන අතර දෙමළ ජාතික සන්ධානය මෙම පාර්ලිමේන්තු කමිටු රැස්වීමට පෙට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල්  බග්ලේ   හමු වී මේ සම්බන්ධයෙන් ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

Exit mobile version