නව රජයේ කැබිනට් මණ්ඩලය සීමිතයි…. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියයි.

ජාතික ආණ්ඩු හදන්න අවශ්‍ය නෑ... ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට පොදුජාන පෙරමුණ තීන්දු කරයි...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව රජයේ කැබිනට් මණ්ඩලය සීමිත කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්.  ප්‍රකාශ කළේය.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති වලට අනුගත වෙමින් කැබිනට් මණ්ඩලය පත්කරන  බවද  හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති ආසන සංඛ්‍යාව සලකා බැලීමේදී කිසිම පාර්ශවයක් සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍යතාවක් නොමැති බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
එසේම කැබිනට් මණ්ඩලය පුළුල් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
නව රජයේ ඉදිරි කටයුතු සම්බන්ධය සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ආර්ථික අභියෝග ජය ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි.
“කොරෝනා වසංගත නිසාවෙන් පැන නැගුණු ආර්ථික අභියෝග ජය ගැනීම අපේ ප්‍රමුඛ අරමුණක්. ඒ සඳහා අපි සතුව වැඩ පිළිවෙලක් තිබෙනවා. ඒත් අපිට විදේශ විනිමය ලැබීම සම්බන්ධයෙන් විශාල අභියෝගයක් තිබෙනවා. එය ජය ගැනීමටත් අපි ඉදිරියේදී කටයුතු කරනව,” යැයි ඔහු සඳහන් කළේය.
නව පාර්ලිමේන්තු රැස්වූ වහාම අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තුව වන බව හෙතෙම පැවසීය.
“ජනතාව අපිට බලය දී තිබෙනවා. ඒ නිසා දැන් අපිට පොරොන්දු ඉටු නොකිරීම ගැන නිදහසට කරුණු කීමට නොහැකියි. අපි ජනතාව දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට වගබලා ගන්නවා,”යැයිද මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version