නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

සුදර්ශන පතිරණ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන්හමුදාපතිවරයායි.

පතිරණ මහතා, ප්‍රහාරක ජෙට් යානා මෙහෙයවමින් බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි සටනේදී දක්ෂතා පෙන්වූ නිලධාරියෙකි.


1990 වසරේදී සුපර් සොනික් F7 සහ 1995 දී කෆීර් ජෙට් යානා දිවයිනට ගෙන ආ නියමුවෙකු හා කෆීර් ජෙට් බලගනයේ අණදෙන නිලධාරියා ලෙස ද සුදර්ශන පතිරණ මහතා කටයුතු කර තිබේ. මහනුවර ධර්මරාජ විද්‍යාලයෙය්  අාදි  සිසුවකු වන පතිරණ මහතා ගුවන් හමුදා ජීවිතය තුළ විවිධ විශිෂ්ටතා සම්මාන රැසකට බදුන් වූවකි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ධූරයට පත්වීමෙන් පසු ගුවන් හමුදාපතිවරයා සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමු වූ අතර සමරු තිළිණ හුවමාරු කරගැනීම ද සිදු විය.

Exit mobile version