නවලෝක රෝහලේ පීසීආර් චීනෙන් එපා කියයි

ශ්‍රී ලංකාවේ සිට චීනයට ඇතුළු වන පුද්ගලයන්ට අදාළව සිදු කරන PCR පරීක්ෂණ වාර්තා ලබා ගතයුතු නිර්දේශිත රෝහල් ලයිස්තුවෙන් නවලෝක රෝහල ඉවත් කිරීමට තීරණය කළ බව කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

මේ තත්ත්වයට හේතු වී ඇත්තේ පසුගියදා ශ්‍රී ලංකාවේ සිට චීනයට ගිය ගුවන් මගින් ගණනාවක් නවලෝක රෝහලේ ලබාගත් PCR සහ ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තා සෘණාත්මක බවට තහවුරු කර තිබුණද එවැනි පුද්ගලයන් ගණනාවක් චීනයට ගිය පසුව සිදුකරන ලද පරීක්ෂණයේදී ආසාදිතයන් බවට හඳුනා ගැනීමය.

ඒ අනුව ගුවන් මගීන්ගේ සහ ගුවන් සේවකයන්ගේ මෙන්ම අදාළ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳ සලකා ඉදිරියේදී නවලෝක රෝහලේන් ලබාගන්නා PCR සහ ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තා ලබා නොගැනීමට තීරණය කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම තීරණය අද(13) සිට ක්‍රියාත්මක වන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Exit mobile version