නන්දිකඩාල් කලපුවේ දී මිය ගිය අය සැමරේ

දෙමළ ජනතා විමුක්ති පෙරමුණ සැමරුම සංවිධානය කරලා

දිනසේන රතුගමගේ

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ   දෙමළ ජාතික ජනතා පෙරමුණේ පිරිසක් එක්ව 15 දා මුලතිව් මුල්ලිවයික්කාල් නන්දිකඩාල් කලපුවේදී යුද්ධයෙන් මියගිය පිරිස සමරා තිබේ.

මේ අවස්ථාවට එම පක්ෂයේ ලේකම්වරයාද සහභාගී වූ අතර ඔවුන් සියලුම දෙනා නන්දිකඩාල් කලපුව මැද විශේෂ ස්ථානයක් සකසා එහි පහන් දල්වා යුද්ධයෙන් මියගිය පිරිස සමරා තිබේ.

උතුරේ ආරක්ෂක අංශ ප්‍රකාශ කොට ඇත්තේ යුද්ධයේදී මියගිය සාමාන්‍ය වැසියන් සැමරීම සදහා ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව ඇතත් කොටි සාමාජිකයින් සැමරීමට අවස්ථාවක් නොමැති බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් මේ උත්සවය සංවිධානය කල පිරිස කොටි සංවිධානයේ සැරසිලි සදහා යොදා ගන්නා කොඩි භාවිත කරමින් යුද්ධයේදී මියගිය පිරිස සමරා තිබේ.

Exit mobile version