ධීවරයින් 05 දෙනා මුහුද මැද  තනි කර පලාගිය ස්කිපර්ට අධිකරණයෙන් දැඩි අවවාද

කැඩුණු යාත්‍රාව තුළ ධීවරයින් තවමත් ගැඹුරු මුහුදේ… නාවික හමුදාව ගලවා ගැනීමේ කටයුතු සඳහා සැරසෙයි

ලලිත් චාමින්ද –

ආපදාවකට ලක්වු බහුදින යාත්‍රාවක සිටි ධිවර කාර්මිකයින් 05 දෙනෙකු බෝට්ටුව සමග මහමුහුදේ දමා වෙනත් බෝට්ටුවක නැගි ගොඩබිමට පැමිණි ස්කිපර්වරයකු  හා මෙකි ස්කිපර්වරයා රැගෙන එනු ලැබු  බෝට්ටුවේ ස්කිපර්වරයා  පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල  වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මොවුන් දෙදෙනාට තරයේ අවවාද කොට එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරිරඇප මත මුදාහැරිමට ප්‍රධාන මහෙස්ත්‍රාත් වරයා නියෝග කළේය.

එමෙන්ම  මහ මුහුදේ දමා පැමිණි ධිවරකාර්මකයින් 05 දෙනාගෙන් ද ප්‍රකාශ ලබාගෙන  ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කළේය. මෙසේ ඇප මත මුදාහරිණු ලැබුවේ බුස්ස හා අලුත්වල ප්‍රදේශයේ පදිංචි   බහුදින යාත්‍රාවල ස්කිපර්වරුන් දෙදෙනෙකි.‍

ආපදාවට ලක්වු බහුදින යාත්‍රාව  ජනවාරි මස 09වැනිදින ගාල්ල ධිවර වරායෙන් පිටත්ව ගොස් ඇත. පසුගිය 03වැනිදින රාත්‍රි ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 25ක් පමණ දුරදී බොට්ටුව  ආපදාවට ලක්ව ඇත. මෙහිදි බොට්ටුවේ ස්කිපර්වරයා  මුහුදට පීනා ගොස් වෙනත් බහුදින යාත්‍රාවකට ගොඩවි  ගොඩබිමට පැමිණ ඇත. පසුව වෙරළාරක්ෂක බලකායේ නිලධාරින් විසින් මෙකි ස්කීපර්වරුන් දෙදෙනා ගාල්ල වරාය පොලිසියට භාරදී  ඇත.


මනුෂ්‍ය ජිවිතවලට  අන්තරාකාරිවන පරිදි  නොසැලකිලිමත් ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන්  ආපදාවට ලක්වු බහුදින යාත්‍රාවේ ස්කිපර්වරයා අත්අඩංගුවට ගෙන ඇත. අනික් ස්කිපර්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහු ගොඩබිමට රැගෙන ඒම සඳහා ආධාර අනුබලදිම සම්බන්දයෙනි. 

ආපදාවට ලක්වු බහුදින ධිවර යාත්‍රාවේ ස්කිපර්වරයා  පොලිසියට පවසා ඇත්තේ  වෙනත් බෝට්ටුවක් රැගෙන එන ලෙස ආපදාවට ලක්වු යාත්‍රාවේ සිටි ධිවරයින් තමන්ට පැවසු බවය. ධිවරකාර්මිකයින් 05 දෙනෙකු   යාත්‍රාව සමග මහමුහුදේ දමා මොහු ගොඩබිමට පැමිණිම  අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව පවසන පොලිසිය  ධිවරයින් 05  දෙනා සමග යාත්‍රාව මහමුහුදේ පාවෙමින් තිබි ඇති බවද පොලිසිය පවසයි. මෙකී යාත්‍රාව නෞකාවක ගැටුනා නම් මහා විනාශයක් සිදුවිමට ඉඩ තිබු බවද පොලිසිය පවසයි.

ආපදාවට ලක්ව  ඇති යාත්‍රාවේ සිටින ධිවර කාර්මිකයින් 05 දෙනා නාවික හමුදාව මගින් ගොඩබිමට රැගෙන ඒමට නියමිතව ඇති බවද පොලිසිය පවසයි. මෙකී ධිවරකාර්මිකයින් ගොඩබිමට පැමිණ පසු ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන්කරගැනිමට නියමිතව ඇති බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ස්කීපර්වරුන් දෙදෙනා ගාල්ල වරයා පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කරණු ලැබිය. ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුමාර ගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අලෝක   ඇතුළු නිලධාරින් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

 

Exit mobile version