ධජ ඔසවන ‘ටිරංගා’ ව්‍යාපාරයට ලද ප්‍රතිචාර ගැන අගමැති මෝදි දැඩි සතුටින්

හෙටට යෙදෙන ඉන්දීය නිදහස් දිනයට සමගාමීව රජය වසින් දියත් කරන ලද ඉන්දීය ධජ ළෙල දෙවීමේ හර් ගර් ටිරංගා ව්‍යාපාරයට ලැබෙන විස්මිත ප්‍රතිචාරයන් ගැන තමා ඉතා සතුටට පත් වෙන බව අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර සිං මෝදි මහතා පවසයි. එම ව්‍යාපාරයට වෙන් වූ වෙබ් අඩවියේ ජාතික කොඩිය සමඟ ලබාගත් ඡායාරූප ලෝකය සමඟ බෙදා ගන්න ලෙස ද අගමැතිවරයා ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර වශයෙන් ජාතික කොඩිය සමඟ ලබා ගත් සෙල්ෆි ඡායාරූප කෝටි දෙකකට අධික ප්‍රමාණයක් මේ වන විටත් වෙබ් අඩවියට එකතු වී තිබේ. ඊට පෙර මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, ඔහුගේ බිරිඳ සමඟ නවදිල්ලේ ඔහුගේ නිවසේ ජාතික ධජය එසවීය. තමන්ගේ නිවාසවල ජාතික ධාජය ඔසවමින් එම ඡායාරූප ලෝකය සමඟ බෙදා ගන්නා මෙන් ඔහු ද ඉල්ලා තිබිණි.

‘ටිරංග’ හෙවත් ජාතික ධජය ඉන්දියානුවන්ගේ අභිමානය බව නරේන්ද්‍ර සිං මෝදි මහතා ට්විටර් පණිවිඩයක් තබමින් පවසා තිබේ. ‘හර් ගර් ටිරංගා’ ව්‍යාපාරය දියත් කෙරුණේ මාතෘ භූමිය වෙනුවෙන් සෑම දෙයක්ම කැප කළ වීරයන්ට උපහාර පිණිසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“නවදිල්ලියේ මගේ නිවසේ ටිරංගයක් ඔසවමින් මාතෘ භූමිය වෙනුවේන සෑම දෙයක්ම කැප කළ අපගේ ධෛර්ය සම්පන්න වීරයන්ට උපහාර දැක්වීය’ යනුවෙන් ඔහුගේ පණිවිඩයේ සඳහන් ය.

Exit mobile version