මූල්‍ය ව්‍යාපාර සිදු කිරීමේ බලපත්‍රය අහිමි කෙරුණ ද ෆිනෑන්ස් සමාගමේ තැන්පතුකරුවන්ට රක්ෂණ වන්දි ගෙවීමේ කටයුත්ත මහජන බැංකුව වෙත පැවරීමට ශ්‍රි ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. මෙම තැන්පතු වන්දි ගෙවීම ලබන සඳුදා (ජූනි මස 08) ආරම්භ වන අතර තැන්පතුකරුවන්ට තම ද ෆිනෑන්ස් ශාඛාවට ආසන්නව පිහිටන මහජන බැංකුවෙන් අදාළ මුදල් ලබා ගත හැකි බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ පවතින ප්‍රතිපාදන අනුව රක්ෂණය වී ඇති සියලුම තැන්පතුකරුවන්ට රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා වන්දි ගෙවීමට නියමිතය. රුපියල් ලක්ෂ 6ක් ඉක්මවූ තැන්පතු සහිත තැන්පතුකරුවන්ට ද ෆිනෑන්ස් සමාගමේ වත්කම් ඈවර කිරීමෙන් පසුව ඉතිරි මුදල් ලබා දෙන බව මහ බැංකුව පවසයි. පළමු අදියරේ දී එක් ගිණුමක් පමණක් හිමි තනි පුද්ගල තැන්පතුකරුවන් සඳහා පළමු අදියරේ දී අදාළ මුදල් ගෙවීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය. මහජන බැංකුව 0112-481594, 0112-481320, 0112-481612, 0112-481703 ශ්‍රී ලංකා මහ බැංකුව : 011-2398788, 0112-477261