දේශීයව නිපදවන ආහාරවල ඇෆ්ලටොක්සීන් නියාමනයක් කොහෙත්ම සිදුවෙන්නේ නෑ

ශ්‍රි ලංකා ප්‍රමිති ආයතන අධ්‍යක්ෂ ජනරාල්
දේශීය පොල්තෙල්වල හෝ වෙනත් ආහාරවල ඇෆ්ලටොක්සීන් පිළිකාකාරකය පවතින්නේද නැද්ද යන්න සෙවීමක් නියාමනයක් කිසිසේත් සිදු නොවන බවත් මෙරට නිෂ්පාදනය වන පොල්තෙල්වලද මෙම පිළිකාකාරක අන්තර්ගත නොවන්නේ යයි කිව නොහැකි බවත් බවත් ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය පවසයි.

අද ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය එක්ව පැවත්වූ වෙබ් සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙරටට ගෙන්වන මෙරට තුළ නිෂ්පාදනය කරන ආහාරමය ද්‍රව්‍යවල ඇෆ්ලටොක්සීන් අඩංගු වූ විට යම් දඩයක් පැනවීම හැරෙන්නට එම විෂ කාරක අන්තර්ගත කිරීම සම්බන්ධයෙන් ඊට වඩා දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියක් නොමැති බවත් එවැනි ක්‍රියාවලියක අවශ්‍යතාවක පවතින බවද ඇය පැවසුවාය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය “ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය ආහාර සහ ආහාර නොවන ආනයනික ද්‍රව්‍ය 122ක් නියාමනය කරනවා.ඒ අතර ආහාර වර්ග 48ක් තිබෙනවා. සෑම භාණ්ඩ තොගයක්ම ප්‍රමිතියට අනුකූල ද බලනවා. අනුකූල නොව් නම් නිර්දේශයක් දෙනවා රේගුවට මේවා ප්‍රතිඅපනයනය කරන්න කියල.
පොල්තෙල් වැඩි ප්‍රමාණයක් එන්න ගත්තේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් ඉඳලා.


ආයතන තුනක් ගෙන්වූ කන්සයින්මන්ට් 6ක ඇෆ්ලටොක්සීන් අඩංගු බවට තහවුරු වුණා. මේවා ඒකෙදී අපේ රටේ පොල් නිෂ්පාදනය අපනයනය කරනවා. විශාල ආදායමක් එනවා අපනයනයෙන්.නමුත් දේශීය නිෂ්පාදනය කොහෙත්ම නියාමනය වන්නේ නෑ. ඒ නිසා තවම කියන්න බෑ දේශීය නිෂ්පාදනය හොඳයි කියල. අපි දන්නවනේ හදන්නේ කොප්පරාවලින් නේ.මේ කොප්පරාවල පුස් තිබුනොත් ඇෆ්ලටොක්සීන් අන්තර්ගත වෙන්න පුළුවන්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනයනය කළත් දේශීය ව නිෂ්පාදනය කළත් මෙම විෂකාරක අන්තර්ගත නම් දඩයක් ගසනවාට වඩා වැඩි දඳුවමක් ඕන. දැනට තියෙන්නේ දඩයක් විතරයි“ යනුවෙන්ද ඇය පැවසීය.

Exit mobile version