දේශබන්දු වෙනුවෙන් පෙනී සිටින්න නීතිපති බෑ කියයි!

රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු –

ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ ජීවන්ත ගුණසේකර   ගොනුකර ඇති පෙත්සම්වල වග උත්තරකරු හැටියට නම් කර සිටින බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්   වෙනුවෙන් පෙනී නොසිටින බව අද (13) නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පුද්ගලික නීතිඥවරයෙකු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම පෙත්සම එස්.තුරේරාජා, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධනගෙන්  සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප – 


Exit mobile version