කීර්ති ප්‍රනාන්දු –
ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පත් කිරීම කාදිනල්වරයා පිලිකුළින් යුතුව හෙළා දකින බවත්, කතෝලික සභාව මෙය සලකන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සිදුවුන විශාලම අවමානය ලෙස බවත් කතෝලික සභාව කැඳවූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී අද (29) සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළේය.
සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා වැඩිදුටත් ප්‍රකාශ කළේ මෙම පත්කිරීම දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පොලීසියේ ගෞරවය කෙළෙසීමක් ලෙස කතෝලික සභාව දකින බවය. මෙම පුද්ගලයා ඇතුළු පොලිසියේ වගකිවයුතු නිලධාරීන් සිය රාජකාරිය නිසි අයුරින් ඉටු කළා නම් අහිංසක මිනිසුන් 273 දෙනකු ම්ලේච්ඡ ලෙස ඝාතනය කෙරුණ, තවත් මිනිසුන් 500 කගේ පමණ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු නොවන බවය.
ජීවිත සිය ගණනක් විනාශ වෙන්නට හළ පුද්ගලයෙක්, ඒ සඳහා චෝදනා ලද පුද්ගලයෙක්, පසුගිය වසරේ අරගලය අවුළුවා රට ගිනි බත් කළ පුද්ගලයෙක්, මුදල් වංචා පිළිබඳ චෝදනා ලද පුද්ගලයෙක් රටේ පොලිස්පති වරයාගේ වැඩ බැලීමට පත් කිරිම ම්ලේච්ච ක්‍රියාවක් බව ද සිරිල් ගාමණී පියතුමා පැවසුවේය.
බොරැල්ල අගරදගුරු මැදුරේ දී මෙම මධ්‍ය හමුව අමතමින්සි රිල් ගාමිණි ප්‍රනාන්ද පියතුමා මෙසේ ද පැවසුවේය.
“ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා විසින් පත්කර ඇති බව දැන් සුළු වේලාවකට පෙර මාධ්‍ය වාර්තා කළා.”
“ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහත්මා කළ එම පත්වීම අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. එසේම එය අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. මේ පත් කිරීම පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට විරුද්ධව සිදු කළ විශාලම අවමානය ලෙසයි අපි දකින්නේ.”
“අහිංසක මිනිසුන් 273 දෙනකු ම්ලේච්ඡ ලෙස ඝාතනය කෙරුණ, තවත් මිනිසුන් 500 කගේ පමණ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට පුළුවන්කම තිබියදී එය පැහැර හැරීම පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මගින් චෝදනාවට ලක් කරලා ඔහුට විරුද්ධව විනය පරික්ෂණයන් සිදු කළ යුතු බවට නිර්දේශ කර තිබෙනවා. නමුත් මේ දක්වාම එවැනි විමර්ශනයන් සිදු කර නැහැ. “
“දේශබන්දු තෙන්නකෝන් වැනි අය තම රාජකාරිය නිසියාකාරව සිදු කළා නම් මේ අහිංසක මිනිසුන් 273 දෙනා අදටත් ජීවත් වෙනවා. තමන්ගේ රාජකාරිය, වගකීම පැහැර හරිමින් මිනිස් ජීවිත සියගණනක් විනාශ වන්නට ඉඩහැරිය දේශබන්දු තෙන්නකෝන් වැනි පුද්ගලයකු රටේ පොලිස්පති පදවියේ ඩබැලීමට පත් කිරීමත් ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස අපි හඳුන්වනවා.”
“මේ හැරෙන්නට තවත් චෝදනා ගණනාවක් ඔහුට විරුද්ධව තියෙනවා.”
- 2022 මැයි 09 දා ගාලුමුවදොර පිටියේ සාමකාමී අරගලයට සිදුවූ මැර ප්‍රහාරය වලක්වා නොගැනීම.
- ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ රුපියල් 17 කෝටි 85 ලක්ෂයක මුදල නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් නොකර, මහජන ආරක්ෂාව භාර ඇමැතිවරයාට බාර දෙන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දීම.
“මේ හැම දේ පිළිබඳවම චෝදනාවට ලක්ව සිටින පුද්ගලයකු මේ රටේ පොලිස්පති ධුරයේ වැඩබැලීමට පත් කිරීමට කටයුතු කළ ජනාධිපතිවරයාට රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව කිසිදු හැඟීමක් නැති බවයි අපට පෙනී යන්නේ.”
“පොලිස්පති ධුරයට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මාගේ නම යෝජනා කිරීම හෝ නොකරන්නැයි අති උතුම් කාදිනල් හිමිපාණන් වගේම ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවත් පසුගිය කාලයේ දී ජනාධිපතිවරයාගෙන් ලිපි මගින් ඉල්ලා සිටියා. ඒ වගේම නීතිඥවරුන් ඇතුළු විවිධ වෘත්තිකයින් සහ සාමාන්‍ය පොදු මහජනතාව අතරින් ද මේ පත් කිරීමට එරෙහිව විරෝධයක් රට තුළ තිබූ බවත් අපි දන්නවා.”
“ඒ කිසිදෙයක් ගැන නොතකා ජනාධිපතිවරයා මේ පත්වීම කර ඇත්තේ, මහජන ආරක්ෂාව සහ පොලීසිය බාර ටිරාන් අලස් අමාත්‍යවරයා ඇතුළු ජනාධිපතිවරයා වටේ සිටින බලලෝභී කිහිප දෙනෙකනුගේ පැවැත්ම ආරක්ෂා කරදීමට බව පැහැදිලියි. මෙම පත්කිරීම දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පොලීසියේ ගෞරවය කෙළෙසීමක් ලෙස අපි දකිනවා.”
“වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මා පත්කිරීමේ තීරණයට අති උතුම් කාදිනල් හිමිපාණන් දැඩි ලෙස විරෝධතාවය ප්‍රකාශ කරන අතර එය පිළිකුලෙන් හෙළා දකින බව නැවත වතාවක් අපි අවධාරණය කරනවා.”