දේශබන්දු තෙන්නකෝන් මා පැහැර ගත්තේ මිරිහානේ ජනාධිපති නිවසේ දී – වේදිනිගම විමලතිස්ස හිමි

KIDNAP

තමන් පැහැරගෙන නිරාහාරව සිරකර තබා මරණීය තර්ජන කර ලියකිවිලිවලට අත්සන් කරගෙන තම මන්ත්‍රී ධුරය පැහැර ගත්තේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බවත්, මෙම පැහැර ගැනීම සිදුකරනු ලැබුවේ මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවස තුළ දී බවත්, පැහැර ගන්නා අවස්ථාවේ දී ජනාධිපතිවරයා ද එහි සිටි බවත් අපේ ජන බල පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියෝ වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති. උන්වහන්සේ පැහැරගනු ලැබුවේ අපේ ජන බල පක්ෂයට ලැබුණු එකම මන්ත්‍රී ධුරය බෙදා ගත නොහැකිව අතුරලියේ රතන, ගලගොඩඅත්තේ ඤාණසාර, හා වේදිනිගම විමලතිස්ස හිමිවරුන් අතර ඇතිවූ ගැටුමත් සමගය. 

තමන්ව පැහැර ගන්නා අවස්ථාවේ අතුරලියේ රතන හිමියන් ද එහි සිටි බව කියන උන්වහන්සේ පැහැර ගැනීමට පෙර රතන හිමියන් ජනාධිපතිවරයා හා විශේෂ සාකච්ඡාවක සිටි බවත් ඒ අතර එම නිවස තුළ සිටම පැමිණි දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කණ්ඩායම තමන්ව පැහැර ගත් බවත් පැහැරගෙන සිරකර තබා මරණීය තර්ජන එල්ලකරමින් කළ බලපෑමට මුලුමනින්ම වගකිව යුත්තේ දේශබන්දු තෙන්නකෝන් බවත් විමලතිස්ස හිමියෝ කියති.

උන්වහන්සේගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

දේශබන්දු තෙන්නකෝන් මාව පැහැරගෙන ගිහින් මට දුන්නා පිටු හතරක විතර වරෙන්තුවක්. ඒ වරෙන්තුවෙ නමක් නෑ.


ඔබවහන්සේව මේ වරෙන්තුවෙන් අත්අඩංගුවට අරන් මට පුලුවන් සදාකාලිකව හිරේ තියන්න. කැමති ද ඒකට.
එහෙම නැතිනම් මේ කොල ටිකට අත්සන් කරලා අතුරලියේ රතන හිමියන්ට දෙනව ද. මම කිව්ව තමුන්නාසෙල වගේ සක්කිලි නෙමෙයි මම. මරලා දැම්මත් හිරේ ගියත් දෙන්නෙ නෑ කියලා කිවුවා.

මොවුන් මට දවස් ගණන් කන්න දුන්නෙ නෑ. එහෙම තියාගෙන ඉඳලා බලහත්කාරයෙන් අත්සන් කරවලා මරන්න අරන් ගිහින් මන්ත්‍රීකම පැහැර ගත්තා.

රාජ්‍ය නිලධාරියෙක් විදිහට මේකට සම්පූර්ණයෙන් වගකියන්න ඕන දේශබන්දු තෙන්නකෝන්.

ජනාධිපති මන්දිරයට ගියේ මේ ප්‍රශ්නය විසඳගන්න. ඒකට ඤාණසාර හිමියනුත් අතුරලියේ රතන හිමියනුත් එනවා කියලා තමයි මට එන්න කියලා පණිවිඩය ලැබුනෙ. මම එතෙන්ට ගිහින් ජනාධිපති මන්දිරය අසලින් ඇහුවා මෙතෙන්ට දැන් රතන හාමුදුරුවොත් ඤාණසාර හාමුදරුවොත් එනවා කිව්වා,  මම අපේ ජන බල පක්ෂයේ වේදිනිගම හාමුදුරුවො. අපට මේක ඇතුලෙ මොනව හරි හමුවක් තියනව ද ඇහුවා. මට කිව්වා කතා කරලා බලලා කියන්නම් පොඩ්ඩක් රැඳී ඉන්න කියලා. ටික වෙලාවකින් පණිවිඩයක් ආවා ‘ඔව් හමුවීමක් තියනවා ඇතුළට වඩින්න‘ කියලා.
ඉතින් මම ඇතුළට ගියා. රතන හිමියන් ආවා. මම සමග ජනාධිපතිවරයා කරන්න තියන සාකච්චාව පැත්තකින් තියලා රතනහිමියන් ජනාධිපතිවරයා එක්ක වෙනම කතාවක් කළා. මේ ජනාධිපති මන්දිරය ඇතුළෙ.

මම කල්පනා කළා හොර රහසෙ කරන කතාවලින් මට වැඩක් නෑ පැත්තකට වෙලා ඉන්නවා කියලා. මම පැත්තකට වෙලා කල්පනා කළා අපට යම් වැරදීමක් වෙලා තියනවා… ධර්මයේ ආශීර්වාදයෙන් තමයි මොනව හරි කරන දෙයක් කරන්න තියෙන්නේ. දැන් සිර කඳවුරකට මම ඇවිත් ඉවරයි කියලා.

ඒ  අතරෙ මට එළියෙ අයගෙන් දුරකථන ඇමතුමක් ආවා මිරිහාන පොලිසියෙන් ඇවිත් වාහනය අත්අඩංගුවට ගත්තා කියලා. ඇතුළෙන් එළියට එන්න කලින් ඒ මන්දිරය ඇතුළෙන්ම දේශබන්දු තෙන්නකෝන්ගෙ කණ්ඩායම ඇවිත් මාව පැහැර ගත්තා. අරගෙන ගිහිල්ලා මාව සිර කරගෙන ඉඳලා ලියකියවිලිවලට අත්සන් කරගත්තා.

ඒ අතරෙ අපේ නායක හාමුදුරුවො, වජිර ශ්‍රී නායක හාමුදුරුවොන්ට ඕනකම තිබුණා මගෙ ජීවිතය බේරගන්න. උන්වහන්සෙ කිවුවා මොනවා හරි කරලා ජීවිතය බේගන්නවා. මුන්වහන්සෙ කලබල නැතිව කට පියාගෙන ඉන්නවා කියලා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම වීඩියෝව පහතින් දැක්වේ.


Exit mobile version