දේශබන්දු තෙන්නකෝන් මැයි 09 ගෝඨාගෝගමට එල්ල කළ ප්‍රහාරයේ සැකකරුවෙක් ලෙස නම් කරයි!

පසුගිය වසරේ මැයි මස 09 දින ගෝඨාගෝගම සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස නීතිපතිවරයා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධව නීතිපතිවරයා විසින් පොලිස් මූලස්ථානයට වාර්තා කර ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

ඒ අනුව ඉදිරි නඩු කටයුතුවලදී දේශබන්දු තෙන්නකෝන් එම ප්‍රහාරයේ සැකකරුවෙක් ලෙස අධිකරණය හමුවට ගෙන්වීමට නියමිතව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ප්‍රහාරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වගකිවයුතු ආකාරයත්, ඔහු ආරක්ෂක ලේකම්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ උපදෙස් මග හැර තිබුණු ආකාරයත් අවස්ථා ගණනාවක දී අනාවරණය වී තිබිණි.


 

Exit mobile version