දේශපාලනයේ අවිචාරයන් ගැන මහා සංඝයාගේ අදහස අහන්න එපා

අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියො මාධ්‍යයට කියති

රටේ සිදුවන සෑම සිදුවීමක් සදහාම ප්‍රකාශ ඉදිරිපත් කිරිම මල්වතු අස්ගිරි ප්‍රමුඛ ත්‍රෛයිනිකායික පිළිවෙත නොවන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්සේ ප්‍රකාශ කලහ. 

භික්ෂුන් වහන්සේලා විසින් රාජ්‍ය නායකත්වය උදෙසා උපදෙස් අනුශාසනා ලබා දෙන අතර රටේ ජාතික ගැටළුවකදි ඍජුව ඊට අදාල ප්‍රකාශ හෝ අදහස් දක්වන බවද එය භික්ෂුන් වහන්සේලාගේ වගකීමක් බවද උන්වහන්සේ අවධාරණය කලහ.

නමුත්, විවිධ දේශපාලකයින් අතර ඇති කුලල් කැම්, නිග්‍රහ  කිරිම් හෝ විවිධ දුෂණ වංචා සම්බන්ධයෙන් අදහස් දැක්වීම සංඝරත්නයට යුතු කාරණයක් නොවන බවත් එවන් කාරණා සම්බන්ධයෙන් සංඝරත්නයේ මතය නොවිමසා සිටිමට මාධ්‍ය කණ්ඩායම් අවබෝධ කරගනිමින් කටයුතු කළ යුතු බවත් ධම්මානන්ද හිමියෝ පැවසූහ. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් මාසිකව රැස්වන බෞද්ධ නායකත්ව උපදේශක කමිටුවේදි  මේ පිළිබදව තමන් වහන්සේ දැනුම් දුන් බවත්, අත්‍යාවශ්‍යම ජාතික ප්‍රශ්නයකදි පමණක් මහා සංඝරත්නයේ මතය විමසා සිටිය හැකි බවත් උන්වහන්සේ කියා සිටියහ. උදාහරණයක් ලෙස , මංගල සමරවීර මහතා රහස් පොලිසියට කැදවා පැය ගණනක් ප්‍රශ්න කිරිමෙන් අනතුරුව පිටතට පැමිණ සංඝරත්නය වෙත දෝෂාරෝපණය් කලේ නම් ඒ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි භික්ෂුන් වහන්සේලාගේ මතය විමසා සිටිම කිසිසේත් සුදුසු නැති බව උන්වහන්සේ අවධාරණය කලහ 

Exit mobile version