දේශපාලනයත් වෙනස් කරමින් මාර්තුවේ දී එන පංච මහා අර්බුදයක් ගැන ගම්මන්පිල කියයි!

මාර්තු මාසයේ පංචමහා අර්බුදයන් එන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල  කියයි.

ඔහු පවසන්සේ දැනට එම අර්බුදය සම්බන්ධව තමන් එළියේ අදහස් නොදක්වන බවය. මේ වනවිට රට තුළ මහා අර්බුදයක් නැති බවත් එය උග්‍රවන්නේ ලබන මාර්තුවේ දී බවත් පවසන ඔහු  රටේ අනාගත දේශපාලන දිශානතිය තීරණය කරනු ඇත්තේ එම අර්බුදය විසින් බව කීවේය.

රූපවාහිනී   සංවාදයකට එක්වෙමින් අද (15) ඇමතිවරයා මෙසේ ද කීවේය.


“ මාර්තුවේ දි එනවා පංච මහා අර්බුදයක්.  මේ  පංච මහා අර්බුදයන් ගැන මා එළියෙ කතා කරන්නෙ නෑ. අභ්‍යන්තර සංවාදයක් හදනවා. අභ්‍යන්තර සංවාදය ඔස්සේ අවශ්‍ය සූදානම නොවුනොත් අපි ඒක එළියට ඇවිත් කතා කරනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මාර්තු මාසය වනවිට අර්බුදය උච්ඡස්ථානයට යාවි. අර්බුදය විසින් තමයි දේශපාලනයේ දිශානතිය තීරණය කරන්නේ.“

Exit mobile version