දේපල අයෝජන ක්ෂේත්‍රයේ චීන අභිබවා ඉන්දියාව පෙරමුණට

දේපල ආයෝජන ක්ෂේත්‍රයේ ඉහළ ආකර්ෂණයක් දිනාගෙන සිටි චීනය මේවන විට සීඝ්‍ර කඩා වැටීමක් දක්නට ලැබෙන බව නවතම වාර්තා වලින් අනාවරණය වේ.

චීනය තුල මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී පැවතියද ඉන්දියාව දේපල ආයෝජන සම්බන්ධයෙන් සීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබෙන බවට නවතම දත්ත වාර්තා පෙන්නුම් කරයි.
ඒ අනුව පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාවේ දේපල මිල දර්ශකය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. ඉන්දියානු මධ්‍යම බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ජුනි මාසෙයෙන් අවසන් වූ කාර්තුවේ සමස්ත ඉන්දීය නිවාස මිල දර්ශකය සියයට 3.5 ක වාර්ෂික අනුපාතයකින් වර්ධනය වූ අතර එය ඉකුත් වසරේ එම කාර්තුවට සාපේක්ෂව සියයට 1.8 කින් පුළුල් විය.

ඉන්දියාව සතුව අතිවිශාල සූර්ය සම්පත් ඇත. ඒ අනුව බලශක්ති අතිරික්තය, බලශක්ති ප්‍රත්‍යස්ථතාව, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සොයන්නේ නම් ඉන්දියාව වඩාත් යෝග්‍යතම වෙළඳපල බවටද ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් පෙන්වා දෙයි.


පසුගිය සතියේ, චීන රජය විසින් නිකුත් කරන ලද දත්ත පෙන්නුම් කරන පරිදි, නව නිවාස මිල ගණන් වසර හතකට වඩා වැඩි වේගයකින් පහත වැටී ඇත.

චීනය දැන් සිය දේපල අංශය පුනර්ජීවනය කිරීමට පියවර ගනිමින් සිටියද, චීනයේ වත්කම්වලින් තුනෙන් එකක් ඇති සිංගප්පූරුවේ කැපිටල් ලෑන්ඩ් ඉන්වෙස්ට්මන්ට් (CLI) වැනි දේපල ආයෝජන සමාගම් ඔවුන්ගේ ආයෝජන කළඹ විවිධාංගීකරණය කිරීමට අපේක්ෂා කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සමාගම් ඉන්දියාවේ ආයෝජනයට වැඩි කැමැත්තක් දක්වා ඇති බව වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

යූඑස්බී ආයතනයේ ප්‍රධාන චීන ආර්ථික විද්‍යාඥ ටාඕ වැන්ග් මෙම නව ප්‍රවනතාවය සම්බන්ධයෙන් සීඑන්එන් පුවත් සේවය පැවසුවේ මෙම තත්ත්ව මගින් චීනයේ දේපල අංශයේ “හැරවුම් ලක්ෂයක්” වනු ඇති බවයි.

චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත මත පදනම්ව, චීනයේ ප්‍රධාන නගර 70 ක සාමාන්‍ය නව නිවාස මිල ගණන් මාසයකට පෙර සියයට 1.5 ක පහත වැටුණි. මෙම තත්ත්ව අතරම චීන අනුගමනය කරන දැඩි කොරෝනා මර්ධන ප්‍රතිපත්ත හේතුවෙන් චීන ආර්ථිකය යලි කඩා වැටීමකට ලක්විය හැකි බවද වාර්තාවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ඉන්දියාව නව වෙළෙඳපොල අවස්ථාව නිර්මාණය වී ඇති අතර ඉන්දය රජය විසින් නව අයෝජනයන් වර්ධනය කිරීම හඳුන්වාදී ඇති පැකේජ මගින් මෙම අයෝජන ගලා ඒම වේගවත් වී තිබේ.

Exit mobile version