දේදුගොඩ පුද්ගලයාගේ සිරුරේ දින 06කට පසුත් කොවිඩ් වෛරසය සක්‍රීයව තිබුණා… 

කොවිඩ් මිනී ෆ්‍රීස් කරන්න එපා… ගාල්ල විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා කියයි...

dead man in the morgue

ලලිත් චාමින්ද –

කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ මෘත දේහයන් අධිශිතකරණවල තැන්පත්කොට තබාගැනිම භායානක බවත් මෘතදේහයන් තුළ වෛරසය ආරක්ෂාවී තිබෙන බවත් ගාල්ල කරාපිටිය  ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි  රෝහාන් රුවන්පුර පවසයි.

ගාල්ල දෙද්දුගොඩ ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත තිදරු පියා මියගිය පසු පි.සි.ආර් පරික්ෂණ 04ක් සිදුකළ බවත් එම  පරික්ෂණවල ප්‍රථිපල අනුව කොරෝනා වෛරසය  මොහුගේ මෘත දේහය තුළ තවදුරටත් සක්‍රියව තිබු බව අනාවරණය වි ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය. මෙකි පුද්ගලයා මියගොස් දින 06කට පසුව  එනම් ආදාහනය කිරිමට රැගෙන යාමට පෙර සිදුකළ පි.සි ආර් පරික්ෂණයේද පුද්ගලයාගේ මෘත දේහය තුළ කොවිඩ් වෛරසය සක්‍රියව  තිබු බවද හෙතෙම පවසයි.

මේ පිළිබද අදහස් දක්වමින් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මෙසේද කිවේය.


“ මෙම පුද්ගලයා මියගොස් දින 06කට පමණ පසුවත් කරණු ලැබු පි.සි ආර් පරික්ෂණවලදි  කොරෝනා වෛරසය සක්‍රියව තිබුණා. ශිතකරණයක තියෙන විට වෛරය ආරක්ෂා වෙලා තියෙනවා. ඒ නිසා කාටවත් කියන්න බැහැ මියගිය පසු  සක්‍රිය ලෙස වෛරසය නැහැ කියලා.

සාමාන්‍යයෙන් මියගිය පසු පැය 24ක් යනවිට වෛරසය සොයාගන්න බැරිවෙනවා.  නැතිවෙලා යනවා. නමුත් මෙම පුද්ගලයාගේ මළ සිරුර තුළ වෛරසය  සක්‍රියව තිබුණා.  වෛරස ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්. නමුත්  කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ මළ සිරුරක්  අධිශිතකරණයක බහා තැබීමෙන්  වෛරසය දිගටම ආරක්ෂාවෙලා තියෙන්න පුළුවන්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙකී පුද්ගලයාගේ මළ සිරුර තැන්පත්කොට තිබුණේ සාමාන්‍ය ශිතකරණයක. නමුත්  අධිශිතකරණවල කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ මළ  සිරුරු තැන්පත් කිරිමෙන් දිගටම වෛරසය ආරක්ෂාවෙලා තියෙනවා. අධිශිතකරණයක මෙැවනි මෘතදේහ තබා ගැනිම  භයානකයි. කොවිඩ්  ආසාදිත මළ සිරුරු ආදාහනය කළහොත් අවදානම  බිංදුවයි. භුමදානය කළහොත් අවදානමක් තියෙනවා. වෙනත් වෛරස වසර ගණනාවකට පසුවද මිනිවල්වල් වලින් බෝවි ඇති  ආකාරය විද්‍යාත්මකව අනාවරණය වෙලා තියෙනවා. පොලියෝ වගේ වෛරස එහෙම බෝවෙලා තියෙනවා.“ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කීවේය.

 

Exit mobile version