දෙවන රැල්ලෙන් පසු සමස්ථ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි…

අද (29) සවස 6.45ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අද දවසේ මුල් කාර්තුවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මුල්ම වරට දහස ඉකමවූයේය.  1077ක් වූ එම ආසාදිතයන් සංඛ්‍යාව සමග කොවිඩ් දෙවන රැල්ලෙන් පසු වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව  ලක්ෂය ඉක්වූයේය. දෙවන රැල්ලෙන් පසු දැනට වාර්තාවන   ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ තුන්සිය විසි දෙකකි. ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් එක්ලක්ෂ හය දහස් තිහක් වූයේය.

එමෙන්ම ඒ සමග රෝහල් ගතව ප්‍රතිකාර කරන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව  9,924ක්  බවත්,  රෝහල්ගතවන රෝගීන්ට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාවය පැන නැගී ඇති බවත් වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


Exit mobile version