දෙමළ මහා සම්මේලනය අමතන්න ටී.එන්.ඒ 02ක් ඇතළු සිවු දෙනෙක් ඇමරිකා යති….

දිනසේන රතුගමගේ –

ඇමරිකාවේදී පැවැත්වෙන මහා දෙමළ සම්මේලනයට සහභාගී වීම සදහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකු හා තවත් දේශපාලන ක්‍රියාධරයින් දෙදෙනෙකු ඊයේ (30) දා ඇමරිකාවට ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට මුහුණ දීමට සිදුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහි දී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු හා දේශපාලන ක්‍රියාධරයින් තොරතුරු ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්නයට ලබා ගත හැකි දේශපාලනික විසදුම් පිළිබඳව මෙම සම්මේලනයේදී විද්වතුන්  සමග අදහස් හුවමාරු කර ගන්නා බවත් පසුව ඒවා ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කරන බවත්  එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් යන මන්ත්‍රීවරු සමග එම පක්ෂයේ දේශපාලන අනුශාසක සිවගුරු ආදීනම් වේලන් ස්වාමි සහ ත්‍රිකුණාමල රදගුරු නොයෙල් එමානුවෙල් අන්දකායි යන පිරිස මේ  සම්මේලනයට සහභාගී වන අතර ජූලි 1 දා සිට 4 වෙනිදා දක්වා උතුරු ඇමරිකාවේදී එම  සම්මේලනය පැවැත්වේ.


Exit mobile version