දෙමළ ජාතික ජනතා පෙරමුණ උතුරු නැගෙනහිර මහවිරු සතියක් ප්‍රකාශ කරයි!

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික  ජනතා පෙරමුණ (TNPF )විසින් මෙවර උතුරු නැගෙනහිර පුරා 21 දා සිට 27  දක්වා මහවිරු උළෙලක් සංවිධානය කොට ඇති අතර ඊට සියලුම දෙමළ ජනතාව පූජනීයත්වයෙන් යුතුව සහය දක්වන ලෙස එම පක්ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්න්නම්බලම් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කොට තිබේ.

නොවැම්බර් මස 27 වෙනිදා පස්වරු 06-05 යනු මේ රටේ දෙමළ නිජබිම් සංකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් දිශානතියකට යොමු කළ දිනයක් බව පෙන්වා දෙන පක්ෂ නායකයා 21 වෙනිදා සිට 27 වෙනිදා දක්වා කාලය දෙමළ වැසියන් විසින් දෙමළ නිජබිම ආරක්ෂා කිරීමට කැපවූවන් සිහිපත් කරන ලෙස ඉල්ලීමක් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ නිජබිම ආරක්ෂා කිරීමට ගොස් ජීවිතය පූජා කළ  මිනිසුන් මිහිදන් කොට ඇති සුසාන භූමි වෙත 27 වෙනිදා ගොස් පහන් ඉටිපන්දම් දල්වා මල් පූජා කොට මියගිය පිරිසට ආත්ම ශාන්තිය ප්‍රාර්ථනා කරන ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා ඉල්ලා තිබේ.


Exit mobile version