දෙකෝටි තිස් ලක්ෂයක මෙරට ජනතාව අතරේ ස්මාට් ෆෝන් එක් කෝටි පනස් අට ලක්ෂ හැත්තෑ හත් දාහක්!…

දෙකෝටි තිස් ලක්ෂයකට   අධික මෙරට ජනතාව අතරේ  ස්මාර්ට් ජංගම දුරකතන   එක් කෝටි  පනස් අට ලක්ෂ හැත්තෑ හත්දහස් පන්සිය අනූ හතරක් ලියාපදිංචි වී තිබෙන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන  කොමිෂන් සභාව පවසයි.

එමෙන්ම එම දුරකතන අතරින් ගතවූ සිව් වසරක කාලය තුළ දුරකතන එක් ලක්ෂ තිස් හතර දහස් හාරසිය පනස් එකක් නැතිවූ බවට පැමිණිලි යොමුව තිබෙන බවද එම කොමිෂන් සභාව පවසයි.

2019 වසරේ දී අස්ථානගත වූ දුරකථන යළි සොයා ගැනීම සඳහා  ශ්‍රී ලංකා පොලිසිය මගින් නැතිවූ දුරකතනවල ඉමි අංක සහිතව පැමිණි පොලිසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යොමුකරනු ලබයි.

මේ අනුව  2019 වසරේදී දුරකථන හතලිස් දහස් එකසිය හැට හතකුත්, 2020 වසරේදී දුරකථන දොළොස්දහස් පන්සිය හැට හතකුත්, 2021 වසරේදී දුරකතන විසිහත් දහස් නවසිය තිස් තුනකුත්,  2022 වසරේදී දුරකතන හතලිස් පන් දහස් තුන්සිය හැට දෙකකුත්, මේ වසරේ පළමු මාස දෙක තුළ දුරකථන අට දහස් හාරසිය විසිදෙකකුත් නැතිවී තිබේ.


කෙසේ වෙතත් නැතිවූ දුරකතන සොයා දීම පිළිබඳ වාර්තා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ  ඒ  පිළිබඳ වාර්තා පැමිණිලි යොමුවන පොලිස් ස්ථාන වෙතම යොමුකරන බවය.

 

Exit mobile version