දුර පාරකින් යුරෝපයට ගිය ශ්‍රි ලාංකිකයන් අසර්බයිජානයේදී කොටුවෙයි

කටාර් රාජ්‍යයේ දෝහා සහ ඩුබායි සිට දුෂ්කර ගොඩබිම් මාර්ගයක් ඔස්සේ යුරෝපයට පලා යමින් සිටි සංක්‍රමණික ශ්‍රි ලාංකිකයන් සිව් දෙනකු අසර්බයිජාන රාජ්‍ය දේශ සීමා සේවය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඔවුන් මැද පෙරදිග සිට අසර්බයිජානය හරහා ඉරානයටත් එතැනින් තුර්කියටත් ගොස් යුරෝපීය රටකට ඇතුළු වීමට උත්සාහ දරමින් සිට ඇති බව මෙම වාර්තා සඳහන් කරයි.

අසර්බයිජානයේ බෙයිලගන් දිස්ත්‍රික්කයේ බිරින්ජි ෂාසෙවන් ගම්මානය අසල අසර්බයිජානියානු රාජ්‍ය දේශසීමා සේවයේ හොරඩිස් දේශසීමා කඳවුරේ ඉරානය සමඟ රාජ්‍ය දේශසීමාව තරණය කිරීමට උත්සාහ කිරීමේදී ශ්‍රී ලාංකික පුරවැසියන් හතර දෙනෙකු රඳවාගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නීතිවිරෝධී සංක්‍රමණයේ නාලිකා හඳුනාගෙන වසා දැමීම සඳහා මෙහෙයුම් සහ විමර්ශන ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුවෙමින් පවතින බව අසර්බයිජාන රජයේ ප්‍රකාශකයෙක් වැඩිදුරටත් පවසා ඇත. .


Exit mobile version