ඔන්ලයින් අධ්‍යාපනයේ විනාශය හෙළි වෙයි… දින පතා සිය ගණනක් දරුවන් ප්‍රතිකාරවලට

ළමයි මානසික ගැටලුවලට ගොදුරු වෙන්නෙ උණ හෙම්බිරිස්සාව වගේ... ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා  කියයි...

නතාෂා නෙත්මිණි                 

දුරස්ථ අධ්‍යාපනය වැරදි ලෙස භාවිත කර එයට ඇබ්බැහි වූ දරුවන් මානසික ගැටලුවලට ගොදුරු වන්නේ  කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෛසර රෝගයන්ට ගොදුරු වන්නාක් මෙන් යැයිද එය ඉතා බරපතල තත්ත්වයක් යැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කරයි.

මේ වන විට දරුවන් සිය ගණනක් තමා වෙත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත්  මෙවැනි තත්ත්වන් අනෙකුත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට වාර්තා වී ඇති අතර  මෙය දිනෙන් දින වැඩි වර්ධනය වන සමාජ ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බව  විශේෂඥ වෛද්‍යවරයා ‌ෙපන්වාදේ.

බලාගත් අත බලා සිටීම, නිතර උදරයේ ඇතිවන වේදනාව, හිසේ කැක්කුම, නිතරම මුත්‍රා පිටවීම හා මළ පිටවීම වැනි ලක්ෂණයන් සහිත දරුවන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා ළමා රෝහල වෙත පැමිණෙන බවත් මෙම දරුවන් පරික්ෂා කිරීමේදි කිසිදු රෝගයක් නොමැති බව හෙළිවන බවත්   මෙය කිසියම් මානසික ගැටලුවක ලක්ෂණයක් බවත් වෛද්‍ය දීපාල්  සඳහන් කරයි.


පාසල් නොමැතිව දිගුකාලයක් නිවෙස් තුළ සිටීම හා දුරස්ථ අධ්‍යාපනය සඳහා ජංගම දුරකථනයට යොමු වීම හේතුවෙන් දරුවන් ක්‍රමයෙන් මේ වන විට ජංගම දුරකථනයට ඇබ්බැහි වී ඇතැයිද ඔවුන් එයින් ගලවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද දෙමාපියන් සඳහන් කරන බව විශේෂඥවරයා පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී ඉතා භයානක තත්ත්වය වන්නේ  ඇතැම් දරුවන් දෙමාපියන් නින්දට ගිය පසුව හා දෙමාපියන් නිවසේ නැති අතර අන්තර්ජාලයේ අසභ්‍ය වීඩියෝ නැරඹීමට පුරුදු වී සිටීමත් මින් සමහර දරුවන් එළිවෙන තුරු එවැනි අසභ්‍ය වීඩියෝ පට නැරඹීමට පෙළඹි ඇති බවත් කරන ලද සොයා බැලීම් වලදී හෙලිව ඇතැයි ඔහු සඳහන් කළේය.

Exit mobile version