දුම්බර හිරගෙදර ඉන්න දෙමටගොඩ චමින්දගේ ජංගම දුරකථනය තවමත් වැඩ

බන්ධාගාර ඇතුළේ සිට සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ මර්දනයට දැඩි පියවර ගෙන තිබුණත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබමින් පල්ලෙකැලේ දුම්බර බන්ධාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නමැති පුද්ගලයා තවමත් ජංගම දුරකථනයක් භාවිත කරන බවට වාර්තා වේ.

මේ බව ඊයේ අනාවරණය වූයේ දෙමටගොඩ චමින්ද බන්ධනාගාරයේ සිට ලබාදෙන දුරකථන ඇමතුම් මත මෙහෙයවෙන හෙරොයින් ජාවාරමක් කැලණිමුල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්‍ය බළකාය විසින් වටලන ලද අවස්ථාවේ දී ය.

විශේෂ කාර්‍ය බළකායට ලද බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට ඇති අතර එහිදී කාන්තාවක ළඟ තිබී රුපියල් ලක්ෂ 25ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 251ක් අත්අඩංගුවට ගෙන තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී හෙළිව ඇත්තේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබමින් සිටින දෙමටගොඩ චමින්ද විසින් දුරකතනයෙන් මෙහෙයවන මත්කුඩු ජාවාරමේ හවුල්කාරියක බවයි.

Exit mobile version