දුගී රටවලට නොමිලේ දෙන කොවිඩ් එන්නත ලංකාවට

වැඩිහිටියන්ගෙන් සියයට 20කට ප්‍රතිශක්තිය ලබා දීම ඉලක්කයයි...

නතාෂා නෙත්මිණි –

මෙරටේ අවුරුදු 60 ඉක්ම ගිය පුද්ගලයින්ගෙන් සියයට 20කට ප්‍රතිශතයක් සඳහා කොවිඩ් එන්නත නොමිලේ ලබා දීමට කොවැක්ස් පහසුකම යටතේ තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රි ලංකාව, GAVI (එන්නත් හා ප්‍රතිශක්තිකරණය සඳහා වූ ගෝලීය සන්ධානය) සමූහයේ සාමාජික ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටක් වන අතර එම සංවිධානයේ සාමජිකත්වය ලබා සිටින දුප්පත් රටවල් සඳහා කොවිඩ් එන්නත ලබා දීමට එම සංවිධානය තීරණය කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් මර්දනය සඳහා මේ වන විට අනුමත වී තිබෙන එන්නත් වලින් විවිධ රටවලට ගැලපෙන එන්නත් සියයට 20ක ප්‍රතිශතයක් ලබා දීමට ඔවුන් තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත්  පවසා සිටියි‍.


Exit mobile version