දුගියන්ට අත දෙන්න ඇතිකළ සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතියට වෙච්චි දේ විගණනය කියයි…

 ණයට ලැබුණු සල්ලිවත් කළමනාකරණය කර නැහැ... ඩොලර් කොටි 7.5න් වියදම් කර ඇත්තේ ඩොලර් ලක්ෂ 35යි

ලලිත් චාමින්ද –

සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය ආරම්භකොට මාස 36ක කාලයක් ගතවී ඇතත් දුර්වල කාර්යසාධනය හේතුවෙන් ජාත්‍යන්තර සංවර්ධන සමායතනය  ලබාදිමට එකඟවු ඇමරිකානු ඩොලර් මිලියන 75 මුදලින්  2019 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදින වනවිට උපයෝජනය කොට ඇත්තේ  ඩොලර් මිලියන 3.5ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති  වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ නිසා සමාජයේ දිළිඳු ජනයාට ලැබිය යුතු ප්‍රතිලාභ කාර්යක්ෂමව  හා විනිවිදභාවයෙන් යුතුව  ලබාදීම සඳහා වු මෙම ව්‍යාපෘතියේ අරමුණ මුළුමනින්ම ඉටුවී නොතිබු බව  විගණනයේ දි නිරික්ෂණය වි ඇත .

සමාජයේ දිළිදු හා අස්ථාවර පුද්ගලයන්ට  ප්‍රතිලාභ සැපයිමේ වැඩපිළිවෙළ  වඩා කාර්යක්ෂමව හා සාධාරණව  සහ විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරිම සඳහා සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය ආරම්භකරණු ලැබිය. මෙම ව්‍යාපෘතිය 2017 වර්ෂයේ දී ආරම්භකොට 2022 වර්ෂයේ නිම කිරිමට සැලසුම් කරනු ලැබිය. මේ සඳහා ජාත්‍යන්තර සංවර්ධන සමායතනය ඩොලර් මිලියන 75ක මුදලක් ණය ආධාර වශයෙන් ලබාදිමට එකඟ වී තිබුණි.


කෙසේවුවද 2020 වර්ෂයේ මාර්තු මාසයේ  නිමකිරිමට සැලසුම් කරනු ලැබු ව්‍යාපෘතියේ කටයුතු අතුරින්  සමාජ සුභසාධන මණ්ඩලය පිහිටුවීම පමණක් ඉටුකරතිබුණි. අදාල සමාජ සුභසාධන ප්‍රතිලාභ පනත 2019 වර්ෂය අවසන්වනවිටද සම්මත කර නොතිබුණි. මෙරට  සමාජ ආරක්ෂණ පද්ධතිය  විසුරුණු ස්වභාවයක් ගන්නා බැවින්  වර්තමානයේ නිසි සම්බන්ධීකරණයකින් තොරව ක්‍රියාත්මකවන බවද විගණන වාර්තාවේ දැක්වේ.

නිසා සමාජ ආරක්ෂණ පද්ධතියකින් අධික ද්‍රරිද්‍රතාවයෙන් පෙලෙන්නන් හා  සමාජයේ ද්‍රරිද්‍රතා සිමාවේ ඇති පුද්ගලයින්  ඉලක්කකර සහනාධාර ලබාදිම, ඔවුන් ආර්ථික ක්‍රියාවලියට ඇතුළත් කරගැනීම, සමාජයේ අස්ථාවර පුද්ගලයින් අනපේක්ෂිත ආර්ථික කම්පනයන්ගෙන් ආරක්ෂා කිරීම, යන කරුණු මුල්කරගෙන සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය ආරම්භකරණු ලැබිය.

එමෙන්ම  අවිධිමත් ආර්ථික කටයුතුවල නිරතවන්නන් වෙත  සිය විශ්‍රාම සමය තුළ  දිරිදිමනා ලබාදිමට හෝ  ඒ සඳහා අවස්ථාව සැලසිමට අදාල ක්‍රමවේදය  සකස් කිරීම මෙහි තවත් අරමුණකි.

එමෙන්ම ශ්‍රි ලංකා රජය වෙත දැනට පවතින සමාජ ආරක්ෂණ වැඩසටහන්  කලානුරුපීව සමාලෝචනය කිරිම, නැවත සකස් කිරිමට ඉඩ සැලසෙන අතර  ක්‍රමයෙන් වියපත්වන ජනගහණයකින් ඇතිවන්නා වු රාජ්‍ය මුල්‍ය අභියෝගයන්ට  මුහුණ දිමද මෙමගින් අපේක්ෂා කරනු ලැබිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

 

Exit mobile version