දිස්ත්‍රික් 09කට නායෙ යෑම් අනතුරු ඇඟවීම් නිවේදන…

land-slide

තුෂාරී කළුබෝවිල

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිස්ත්‍රික්ක 09ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36කට තවදුරටත් නායයාම් අවධානම පිළිබඳ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කලවාන, අවධාරණයෙන් අයගම, කුරුවිට, කිරිඇල්ල, නිවිතිගල, රත්නපුර, ඇළපාත ද

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, මාවනැල්ල, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, වරකාපොළ, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රඹුක්කන, අරනායක ද

කලුතර දිස්ත්‍රික්කයේ
කලුතර, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර, අගලවත්ත, මතුගම, වලල්ලාවිට, හොරණ ද

මහනුවර දිස්ත්‍රික්කයේ
තුම්පනේ, උඩුනුවර, යටිනුවර ද

මාතලේ දිස්ත්‍රික්කයේ
අඹගහකෝරළේ, පල්ලෙපොළ, යටවත්ත ද

නුවරඑළිය දිස්ත්‍රික්කයේ
අඹගමුව ද

ගාල්ල දිස්ත්‍රික්කයේ
නෙළුව ද

මාතර දිස්ත්‍රික්කයේ
පිටබැද්දර ද

කොළඹ දිස්ත්‍රික්කයේ
සීතාවක ද නායයාම් අවදානම් කලාප වේ.

Exit mobile version