දිවයිනේ ස්ථාන කීපයකට තද වැසි… ආපදා තත්වයකට මුහුණ දීමට සූදානමින්…

තුෂාරී කළුබෝවිල –

ගත වූ පැය 24 තුළ මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට මිලි මීටර් 300 ඉක්මවූ අධික වැසි තත්ත්වයක් ඇති වූ බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අධික වැසි හේතුවෙන් ඇතිවන ආපදාවලින් ජනතාව මුදා ගැනීම සඳහා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කීවේය.

මෙම තද වැසි සමඟ තද සුළං හා අකුණු අනතුරු, උතුර, උතුරු මැද, වයඹ පළාත්වල තවදුරටත් ඇති වන බව අවධාරණය කෙරේ.


මෙම අවදානම් ප්‍රදේශවල කඳු ආශ්‍රිත ව නායයාම් ද ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ ජනතාව විමසිලිමත් වියයුතු බව පැවසේ.

උතුර, ඊසාන, නැගෙනහිර මුහුදේ ධීවර කටයුතුවල යෙදීම අවදානම් බවට ද අනතුරු ඇඟවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ ද රළු වේ.

Exit mobile version