දිල්ලිය තවත් සතියක් ලොක්ඩවුන්

COVID-19 රෝගීන්ගේ වැඩිවීම නිසා මෙන්ම ඔක්සිජන් හිඟය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නුවර අගුලු දැමීම තවත් සතියකින් දීර්ඝ කෙරේ.

එහි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් අද නිවේදනය කළේ දින හයේ ඇඳිරි නීතිය අප්‍රේල් 26 වනදායින් අවසන් කිරීමට නියමිතව තිබුණද එය තවත් සතියකින් දීර්ඝ කිරීමට බලධාරීන්ට සිදුවූ බවයි.

“අගුලු දැමීම කොරෝනා වෛරසයට එරෙහි අවසන් ආයුධයයි. අපි පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කර ඇති අතර අගුලු දැමීම තවත් සතියකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත්තෙමු. මෙය තවදුරටත් වෛරසය පොසිටිව් වන අනුපාතය පහත හෙලනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු” කෙජ්රිවාල් මහතා පවසා තිබේ.


දිල්ලිය අගුලු දමා තිබියදීත්, නගරයේ ආසාදිතයින්‌ වාර්තා වීම දිගටම ඉහළ යයි. රෝගය පැතිරීම නතර වී නොමැති බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.

අගුලු දැමීමේ ආරම්භයේදී වෛරසය ධනාත්මක අනුපාතය 36-37% දක්වා ඉහළ ගියේය.

කෙසේ වෙතත් පසුගිය පැය 24 තුළ අනුපාතය 30% ට වඩා පහත වැටී ඇත. “අපි මෙම තත්වය සමීපව නිරීක්ෂණය කළ යුතු අතර එය තවදුරටත් පහත වැටෙනු ඇත්දැයි සොයා බැලිය යුතුය.”

නගරයේ ඔක්සිජන් හිඟය හේතුවෙන් මරණ කිහිපයක් සිදුවී ඇති බව මහ ඇමතිවරයා පැවසීය. නියමිත වේලාවට ඔක්සිජන් රෝහලට පැමිණීමට රජය මුළු රාත්‍රිය පුරාම කටයුතු කරමින් සිටින බව පැවසීය.

“අපි විටෙක අසමත් වී ඇති අතර ඇතැම් විට සාර්ථක වී සිටිමු. අපගේ ඔක්සිජන් සම්පත් නිසි ලෙස කළමනාකරණය කළ යුතු අතර සෑම පැය දෙකකට වරක් ඔක්සිජන් පවතින ප්‍රමාණ පිළිබඳ දත්ත ලබා ගත හැකි ක්‍රමයක් ආරම්භ කර ඇත. මෙමගින් හදිසි හිඟයකට මුහුණ දීමටබ්සිදු නොවන පරිදි නිෂ්පාදකයින්, සැපයුම්කරුවන් සහ රෝහල්වල අවශ්‍යතාවය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සිදුකරයි”මහ ඇමතිවරයා පැවසීය.

දිල්ලියට මධ්‍යම රජයෙන් සහය ලැබෙන බවත්, බෙදාහදා ගැනීමට ඔක්සිජන් ඇති සියලුම රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

අනෙක් රටවල් ද දිල්ලියට ඔක්සිජන් යවන බව ඔහු පැවසීය. “මෙය අප සැමට දුෂ්කර අවස්ථාවක් සහ දැවැන්ත හදිසි තත්ත්වයක්” ඔහු පැවසීය.

දිල්ලියට ඔක්සිජන් ටොන් 700 ක් අවශ්‍ය වන අතර ඉන් මධ්‍යම රජය ටොන් 490 ක් ලබා දී ඇතැයි මහ ඇමතිවරයා පැවසීය.

එහෙත් මෙම ප්‍රතිපාදන අගනුවරට ළඟා වී නැතැයි ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපගේ අගනුවරට අවශ්‍ය ටොන් 700 ට සාපේක්ෂව අගනුවරට පැමිණ ඇත්තේ ටොන් 335 ක් පමණි. ඔක්සිජන් හිඟයට හේතුව මෙයයි.” ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version